රුසියාවට බෙලරුසියා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සීමාවන් සහිතව ඔලිම්පික් දොරටු විවර වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

“තනි පුද්ගල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ආණ්ඩුවල ක්‍රියාවන්ට දඬුවම් කළ නොහැක’ යන ස්ථාවරයේ රැදෙමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමුටු සභාපති තෝමස් බැචි ජීනිවා හී දී සනාත කළේ රුසියාවේ සහ බෙලරුසියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2024 පැරිස් ක්‍රීඩා උළෙලේදී මධ්‍යස්ථ ලෙස තරඟ කිරීමට ඉඩ දීමේ තීරණය ආරක්ෂා කරන බවය.


කිසිඳු රටක් දේශපාලනමය වශයෙන් ගනු ලබන තීරණයකට එරටේ එම දේශපාලනයට සම්බන්ධ නැති මානවයන් පීඩාවට ලක් නොකළ යුතු බව ප්‍රධාන කර ගනිමින් ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව මෙන්ම ඊට සම්බන්ධ වෙනත් ක්‍රීඩා සංගම් ද මේ වන විටත් එවැනි පුරවැසියන් සඳහා ලොව පුරා ඉඩ සළසමින් සරණාගත ක්‍රීඩා කණ්ඩායම් සවිමත් කරමින් සිටියි.රට රටවල පවතින ම්ලේච්ඡ දේශපාලනයට එහා ගිය මානවීය ගුණයෙන් යුත් දේශපාලනයක අවශ්‍යයතාවය පරමාදර්ශි විදිහට ආරක්ෂා කිරීමේ උවමනාවෙන් පෙනී සිටින ලෝක ක්‍රීඩා සංගම් බහුතරයකට නායකත්වය දෙන ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව ගනු ලබන තීරණයට වෙනස් ස්ථාවරයක රැදෙමින් යුක්රේන ජනාධිපතිවරයා තරගාවලිය වර්ජනය කිරීමේ ඉඩක් මවා පෙන්වමින් පවසන්නේ රැසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මධ්‍යස්ථ භාවය මවා පෑමක් බවය.
වර්ජනයට ඇති ඉඩ ගැන ද මෙහිදි බැච් සිය අදහස් දැක්වීමේදී කරුණු පෙන්වා දෙමින් එහි ඇති තර්ජනයක් වීමේ ඉඩ බැහැර කළේය.ඔහු පැවසුවේ එකඟ නොවන රටවලට “විවිධ දේශපාලන මත දැරීමට ඉඩ දී ඇති” බවය.


මේ අතර රුසියානු සහ බෙලරුසියානු මධ්‍යස්ත සහභාගීත්වය පැරිස් 2024 ප්‍රධානී ටෝනි එස්ටන්ගුවෙට් ද අනුමත කරමින් පැවසුවේ “සංවිධායක කමිටුව ලෙස අපි මෙම තීරණය සාදරයෙන් පිළිගනිමු. යනුවෙන් ය.
ඔහුගේ අදහසට අනුව කොඩි නැති, ගීත නැති, නිලධාරීන් නැති,ඉතා කුඩා වනු ඇති මෙම නියෝජිතයන් පිරිස පැරිස් 2024 ට ඉතා සාදරයෙන් පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...