ජෙෆ් මැතේසන් පෙන් වූ මඟ යන්නට ඩේවිඩ් පයින්ගෙන් උපකාර ගනිමු

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 17,(LNW)කොළඹ :

යළිත් ශ්‍රී ලංකාවට නවසීලන්ත රග්බි අත හිත ලැබෙනාකාරයේ යම් රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවයක් ඇති කර ගැනීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහා කොමසාරිස් ඩේවිස් පයින් අතර හමුවේදී තීරණය වූ බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.එය ඉදිරියේදී නිලවරණයෙන් පත්වන ශ්‍රී ලංකා රගර් පරිපාලනයට ප්‍රයෝජනයට ගත හැකි අපූරු අවස්ථාවක් වනු ඇත.


අර්බූදයට තුඩු දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන්ට ලැබුණු තාවකාලික අයිතිවාසිකම යොදා ගෙන සංශෝධනයට ලක් කරන්නට උත්සාහ කළ ව්‍යවස්ථාව ද,සුළු සුළු සශෝධන සිඳු වුව ද,මූලික වශයෙන් ලංකාවේ රගර් ක්‍රීඩාවේ සංවර්ධනයට වැදගත් පරිපාලන ව්‍යහුය ස්ථාපිත කිරිම සඳහා නවසීලන්ත ජාතික ජෙෆ් මැතේසන් සකස් කළ එකකි.පැවති ව්‍යවස්ථාව සහ අනාගත දැක්මක් සහිතව සකස්කළ එම ව්‍යවස්ථාවෙන් ප්‍රාදේශීය සංගම්වලට පැවරුණු බලය අනුව තව දුරටත් ප්‍රාදේශීය රගර් ක්‍රීඩාවට ප්‍රතිපාදන වෙන් කිරීම ඉදිරියට පත්වන පරිපාලනය අවධානය යොමු කළ යුතු ක්‍රියාවක්ය.


එසේ ඉදිරි පරිපාලනය කටයුතු කරන්නේනම්,වගකීම් විරහිත ලෙස ක්‍රියාකර,ශ්‍රී ලංකාවට වෙනත් ජාතික ක්‍රීඩකයින් යොදවා ක්‍රීඩා කිරීමේ වරදට ගෙවන්නට වූ පවුම් 50000 ක දඩ මුදල,ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධනයට ලැබෙන මුදලින් පියවා දැමීමට ක්‍රියා කළ පුද්ගලයන්ගෙන් සංගමයට අය කර ගැනීමට,ක්‍රීඩා අමාත්‍යංශය ද හවුල් කරගෙන වැඩ කිරීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.එය මේ මොහොතට අනුව රුපියල් එක්කෝටි අසූ හතර ලක්ෂයද ඉක්මවන මුදලක් වනු ඇත.


නවසීලන්ත මහා කොමසාරිස්වරයාගේ හමුවීම සමස්ත ක්‍රීඩාව සම්බන්ධයෙන් උපකාර ලැබීම කෙරෙහි ද බලපානවා සැක නැත.එහෙත් ශ්‍රී ලංකාවට වඩා වැදගත් වනු ඇත්තේ රගර් සම්බන්ධයෙන් ලැබෙන උපකාර සහ උපදේශයන්ය.එය ලෝකයේ ඉහළ මට්ටමක පවතින අතර,මේ මොහොතේත් රටම ආවරණය වන ආකාරයට රගර් ක්‍රීඩාවේ පරිපාලනයට බලයක් එන පරිදි ව්‍යවස්ථාව සකස් කර ඇත්තේ ද,නවසීලන්ත ජාතිකයෙක් බැවින්,එයින් බලාපොරොත්තු වූ අරමුණ කරා යාමට ක්‍රීඩා අමාත්‍යංශයද මැදිහත්ව උපකාර කිරීම වටින්නේය.


නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුව (16) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවති අතර මෙම හමුව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගි වූහ.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට එරෙහි නඩුවක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් !

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි...

හල්ලොලුවට අදත් ඇප නෑ!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු!

කොළඹ LNW:චීනය ඕනෑම රටක් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමෙන්...

අධිකරණයේ උසස්වීම්!

උපාලි කොළඹගේ කොළඹ LNW:මහේස්ත්‍රාත්වරුන් 17 කට මහඅධිකරණ විනිසුරුවරුන් වශයෙන් උසස්වීම්...