ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ (LNW):

පසුගිය 2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,151,941 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේ තෙවන කාර්තුව (ජුලි 01 සිට සැප්තැම්බර් 30 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කොට තිතිබුණු අතර, 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 3.0, සියයට 10.8 ක් සහ සියයට 2.6 ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...

රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...