අඳුරගන්න ම බැරි අඳුරක

Date:

අඳුරට
මං කැමති
කවි කැලැත්තෙන හින්දයි
අඳුරගන්නම බැරි.

ගන්න ඔය
කවි රොඩුබොඩු
අහකට
ඇහිපිලි නඟන මැසිවිලි
කරදරයි තනි ඇහැකට.

ඔබට ඕනෙම නම්
රිද්දන්න?
රිද්දන්න……
මොන තරම් නම් දත් ද
මද්දන්න.

අසික්කිත හුළඟෙහිම
වැදුණාම
අතීතෙට රිදුණාම
කඳුළු එන්නැති ඇහැට
මොන තරම් සනීපද
මඳහසක හිරගෙයින්
මිදුණාම.

කසි කබල් කවි මත
හිස රැඳෙව්වට
නින්ද යන්නැති එක
මගෙ වැරැද්දද?

මොකද මේ
කලබල?
ඉවසගන්නම බැරිද
තනිකම
ඇස් වහන්නට බැරිද
තනියම?

අඳුරට
මං කැමති
කවි කැලැත්තෙන හින්දයි
අඳුරගන්නම බැරි.

~ මංජුල වෙඩිවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...