ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW :

අද (17) අලුයම යුරෝ මිලියන 5,000 ක් වටිනා කිලෝ ග්‍රෑම් 69,000 ක් බරැති ආපදා ආධාර තොගයක් යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන දෙරටින් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

මෙම ගුවන් යානය තුළ කූඩාරම්, ආහාර පිසීම සදහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ මෙට්ට, ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළත් විශාල ආපදා ආධාර තොගයක් අන්තර්ගත බව වාර්තා වේ.

මේවා රැගත් බෝයිං – 747 – 400 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද(17) දින අලුයම 04.30 ට ජර්මනියේ ලීග් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණ අතර, ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මාණු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් ( Sarah Hasselbarth ) යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් ( Pierre Tripon ) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...