ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන ගණනක ආපදා ආධාර රැගෙන දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW :

අද (17) අලුයම කිලෝ ග්‍රෑම් 69,000 ක් බරැති ආපදා ආධාර තොගයක් යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන දෙරටින් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

මෙම ගුවන් යානය තුළ කූඩාරම්, ආහාර පිසීම සදහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ මෙට්ට, ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළත් විශාල ආපදා ආධාර තොගයක් අන්තර්ගත බව වාර්තා වේ.

මේවා රැගත් බෝයිං – 747 – 400 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද(17) දින අලුයම 04.30 ට ජර්මනියේ ලීග් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණ අතර, ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මාණු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් ( Sarah Hasselbarth ) යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් ( Pierre Tripon ) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...