ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW:

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම් කර ඇති ප්‍රමෝදය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කර ඇති එකම ටෙස්ට් තරගයේදී නායකත්වය දුන් රසාංජලී චන්දිමා අල්විස් (එවකට ඇය සිල්වා විය.) ද නම් කර තිබෙනවා.

එම තරගයේදී රසාංජලී සිය මද වේග පන්දුවෙන් ඉහළ දස්කම් දක්වමින් කඩුලු 8 ක් ද ලබා දුන් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් කඩුල්ල දවාගෙන ඇති ක්‍රීඩිකාව වන්නට තරම් ද ඇය භාග්‍යවන්ත වූවාය.විශේෂයෙන්ම එම තරගයේදී ඇයගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ලකුණු 309 න් තරගය ජයගෙන ඇති අතර එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුව සිටි ගයි ද අල්විස් සමඟ පසුව රසාංජලී විවාහ වූ අතර අද වන විට ගයි ද අල්විස් ජීවතුන් අතර නොමැත.


කාන්තාවක තේරීම් කමිටුවට පත් කිරීමෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ද යම් වටිනාකමක් එකතු වන බැවින් එය සාධනීය ලක්ෂණයක් ලෙස ගත හැකියි.එහිි සාධනීයභාවය ඉදිරියේදී රසාංජලීගේ වැඩ කළාවත් සමඟ තීරණය වනු ඇති අතර ඇය ද ඇතුළත්ව ප්‍රමෝදය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් පත් කළ තේරීමි කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන සහ විනෝතන් ජෝන් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකුට ඇප!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : පසුගියදා අධිකරණ සංකීර්ණය...