ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ මූලික කටයුතු අවසන්

Date:

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පතට අදාළව මූලික කටයුතු මේවන විට සිදුකර අවසන් බව ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අනාවරණය විය.


මෙම විශේෂ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේ දී මේ බව අනාවරණය විය.

කාන්තාවන් සඳහා වන ජාතික කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීම ඇතුළු යාන්ත්‍රණක් ස්ථාපිත කිරීම සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා එවැනි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේදී කොමිසම විසින් ගනු ලැබිය හැකි නෛතික ප්‍රතිපාදන පදනම් කරගනිමින් මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ මහජනතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥයින්, සිවිල් සමාජ සංවිධාන සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධානවල අදහස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස විශේෂ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත පිළිබඳ අදහස් ලබාගැනීමට, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ නිල වෙබ් අඩවිවල පළකිරීමට සහ පුවත්පත් දැන්වීම් පළකිරීමටද මෙහිදී තීරණය විය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, රෝහිණි කුමාරි විජේරත්න, (ආචාර්ය) හරිනි අමරසූරිය සහ මෙම විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...