පිටිපන මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ හිමි රිමාන්ඩ්

හෝමාගම, පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගිහි සහ භික්ෂු සිසුන්ට අමානුෂික ලෙස නවක වදය ලබාදීම ඇතුළු චෝදනා හතරක් යටතේ හෝමාගම පොලිස් අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් මේ මස 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය නියෝග කළාය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන්ගෙන් සහ පාලනාධිකාරියෙන් ලද පැමිණිලි මත සිදු කළ විමර්ශනයකින් පසු එම හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

විශ්වවිද්‍යාල නවක සිසුන්ට අමානුෂික ලෙස නවක වදය දීම, අයුතු සිරකර තැබීම, අයුතු අවහිරය සහ සුළු තුවාල සිදු කිරීම චෝදනා යටතේ එම නඩුව ගොනු කර තිබුණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...