බස්නාහිර පාසල් 122ක විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් 75 දෙනෙකු අත්අඩංගුවට!

පාසල් ළමුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , බස්නාහිර පළාතේ පාසල් 122 ක් ඉලක්ක කරගනිමින් ඊයේ(16) දහවල් 12.00 සිට සවස 3.00 දක්වා කාලය තුළ කළ මෙහෙයුම් වලදී ය.

එහිදී මාවා කිලෝග්‍රෑම් 2 යි ග්‍රැම් 148 ක් , හෙරොයින් ග්‍රෑම් 9 යි මිලි ග්‍රෑම් 375 ක් , අයිස් ග්‍රැම් 01 යි මිලිග්‍රෑම් 522 ක් සහ මත්පෙති 10ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මකයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...