*
Wednesday, December 18, 2024
spot_img

Latest Posts

මහා ජනවරමක් ලැබූ මාලිමා රජය අද ජනවරමට පිටුපා රනිල් සරණ යෑම ඛේදවාචකයක් – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇති කර ගත් ණය ප්‍රතිව්‍යුහගතකරන එකඟතා සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් සභාව දැනුවත් කරණ ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය.

එහි දී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ⁣වත්මන් රජය මේ වෙනුවෙන් ගත්තේ රනිල් වික්‍රමසිංහ රජයේ ස්ථාවරයද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් IMF එක හා ණය කරුවන් සමග ඇති කර ගත් ගනුදෙනු ක්‍රියාත්මක වන්නේ ජනවරම අනුවද ⁣එසේ නොමැතිවද කියා දැන ගැනිමට අවශ්‍ය බවත්ය.

එසේම වත්මන් රජය ද අනුගමනය කරන්නේ රනිල් වික්‍රමසිංහලාගේ ගිවිසුම බවත් එය තවදුරටත් රහසක් නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා එය ජනවරම පාවා දි උල්ලංඝනය කිරීමක් බවත් ජනතාව සමග ඇති කර ගත් සුවිශේෂී සමාජ ගිවිසුම ද උල්ලංඝනය කර ඇති බවත් අවධාරණය කළේය.

මේකද ආණ්ඩුවේ සුජාතභාවය ?

සභාවේ වගවීම, සුජාතභාවය හා සහකම්පනය ගැන කතා කළත් ජනතාව දුන් වරම විනාශ කිරීම නව දේශපාලන සංස්කෘතියද කියා ප්‍රශ්න කරන බවත් විජිත හේරත්, අනුර කුමාර මැතිතුමා මේ සභාවේ IMF ගිවිසුමට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරනයේදී විරුද්ධය ජන්දය දුන් බවත් එදා එදා මොවුන් මේ ඇස්බැන්දුම් ගිවිසුම් දැඩි ලෙස එදා හෙළා දැක්කත් අද එය අනුමත කර ඇති බවත් එදා සභාවේ IMF ගිවිසුම විවේචනය කළත් අද එය පිළිගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ හරිහමන් පාලනයක් නෑ

නිවැරදි රාජ්‍ය පාලනයක් නොමැති වීම මීට හේතුව බවත් ඉක්වදෝරයට, ඝානාවට දිනාගත හැකි වු දේවල් අපිට ලබාගත නොහැකි වී ඇති බවත් මේ නිසා විදුලි බිල 1/3 කින් අඩු වී නොමැති බවත් තෙල් මිල ද අඩු වී නැති බවත් ජනවරමක් ලබා දුන් මේ රජය මේවා කරනතුරු ජනතාව බලා සිටින බවත් වැඩිහිටි ජනතාවගේ ඉතිරිකිරීම් ගිණුමට 15%ක පොලියක් දුන්නත් එය ද තවමත් කප්පාදු වී ඇති බවත් එම පොලිය රනිල් වික්‍රමසිංහලා අඩු කළ ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් වත්මන් රජය අඩු කර ඇති බවත් පොහොර සහනාධාරයත් තවමත් හරිහැටි ලැබි නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරත් සඳහන් කළේය.

බඩු මිල අඩු කරනතුරු ජනතාව අපේක්ෂාවෙන් සිටියත් බඩු මිල වැඩි වී බඩු හිගයක් ද ඇතිව තිබෙන බවත් බදු සුත්‍රයටත් අත්ව ඇත්තේ ඒ ඉරණම බවත් වැට් බදු ආදිය අඩු කරනවා කිව්වත් තවම එය සිදු නොකර ඇති බවත් එයට හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසූ විපක්ෂ නායකවරයා විශාල ජනවරමක් ලබා ගත් මාලිමා රජය රනිල් වික්‍රමසිංහලා ඇති කර ගත් ගිවිසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියත්මක කිරීම කණගාටුවට කරුණක් බවත් මෙය යුගයේ ඛේදවාචකයක් බවත් ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 17) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ පැවති විවාදයට එක්වෙමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan