මහර සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය : යුක්තිය නොමැතිවම නඩුව අවසන් !

0
375

සටහන – රුවන් නෙළුගොල්ල

2020 නොවැම්බර් 29 වනදා කොවිඩ් වසංගත තත්වය අතරේ, බන්ධනාගාරය තුළ කොවිඩ් පරීක්ෂණ සිදුකරන ලෙසත් කොවිඩ් වැළඳුණු රැඳවියන්ට ප්‍රතිකාර කරන ලෙසත් ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිදුකළ විරෝධතාවකට වෙඩිතබා රැඳවියන් 11 දෙනෙකු මරණයට පත්කිරීමේ සිද්ධියට අදාළ නඩුව අවසන් කිරීමට තමන් ගත් ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව නීතිපතිවරයා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව, නීතිපති ස්ථාවරය අභිබවා නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට මහේස්ත්‍රාත්වරයකුට බලයක් නොමැති බැවින් මෙම ඝාතනයට අදාළ නඩු විභාගය අවසන් කිරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (දෙසැම්බර් 17) තීන්දු කළේය.

මීටපෙර මෙම නඩුව කැඳවූ දිනයේදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබුණේ මෙම සිරකරුවන්ට සිදුව තිබූ තුවාල අනුව මෙය කිසිසේත් කළහකාරී තත්වයක් පාලනය සඳහා අවම බලය පාවිච්චි කිරීමක් ලෙස සැලකිය නොහැකි බවත් මෙය අපරාධයක් බැවින් මීට අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස තමන් නියෝග කළ නමුත් නීතිපතිවරයා පසුගිය සැප්තැම්බර් 26 වනදා උපදෙස් ලිපියක් යොමුකරමින් බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නීත්‍යානුකූලව කටයුතු කර ඇතිය යනුවෙන් පවසා ඇති අතර එය පුදුම සහගත බවත් ය.

සබැඳි පුවත් –