කැනඩාව නව දේශසීමා නීති හඳුන්වා දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාව අන්තර් ජාතික සංවිධානාත්මක අපරාධ ඉලක්ක කරගනිමින් එක්සත් ජනපද දේශසීමා දිගේ පුළුල් නව ආරක්ෂක විධිවිධාන මාලාවක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බවට නිවේදනය කර තිබේ.

එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංක්‍රමණිකයන් සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම වැලැක්වීමට කැනඩාව සිය හවුල් දේශසීමාව සුරක්ෂිත නොකරන්නේ නම්, කැනේඩියානු භාණ්ඩ සඳහා 25% ක තීරුබදු පනවන බවට කරන ලද තර්ජනයක් හේතුවෙන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මෙම නව ක්‍රියාමාර්ගය ගෙන ඇත.

කැනඩාව ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන්ගෙන් එකක් වන අතර එය සිය මුළු අපනයනයෙන් 75% ක් පමණ එක්සත් ජනපදය මත රඳා පවති.

ඒ අනුව, ට්‍රම්ප් පැනවීමට බලාපොරොත්තුවන නව තීරුබදු කැනඩාවේ ආර්ථිකයට මරු පහරක් විය හැකි අතර මෙම නව සැලැස්ම පිළිබඳ විස්තර නිවේදනය කරමින්, කැනඩාවේ මුදල් සහ අන්තර් රාජ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය ඩොමිනික් ලෙබ්ලාන්ක් සඳහන් කර තිබුණේ, ෆෙඩරල් රජය මෙම සැලැස්ම සඳහා C$1.3bn ($m 900m; £bn 700bn)මුදලක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවත්, මෙම සැලැස්ම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලායාමට සහ අක්‍රමවත් සංක්‍රමණයට එරෙහිව අපගේ දේශසීමාව සුරක්ෂිත කරන අතරම උතුරු ඇමරිකාවේ සමෘද්ධියේ හරය වන මිනිසුන් සහ භාණ්ඩ නොමිලේ ගලායාම සහතික කරණු ඇති බවත්ය.

කෙසේ නමුත් කැනඩාව මෙම නව ව්‍යාපෘතිය හරහා ෆෙන්ටැනයිල් වෙළඳාම කඩාකප්පල් කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව මෙවලම් සකස් කිරීම, එක්සත් ජනපද නීතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම, තොරතුරු හුවමාරු කර ගැනීම සහ දේශසීමාවේ ගමනාගමනය සීමා කිරීම ආවරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...