බංගලාදේශයේ තරග වදින ශ්‍රී ලංකාවේ කේවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියල්ලම අවසන් 16 අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 18 ,(LNW)කොළඹ :

බංගලාදේශයේ ක්‍රියාත්මක YONEX-SUNRISE Bangladesh International Challenge 2024 බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන කාන්තා සහ පිරිමි කේවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියේ පළමු දිනයේදි තමන් සහභාගි වූ පළමු තරගය ජය ගන්නට සමත් වුණා.ඒ අතර පළමු තරගයේ නිතරග ජයක් ලබන්නට සමත් වූ අයගේ ජයග්‍රහණ සටහන් වුණේ ඔවුන් සතු වූ තරගාවලියේ දෙවන ජයග්‍රහණය ලෙසයි.තිළිණ රාජකරුනා පමණක් තරගාවලිය නියෝජනය සඳහා සහභාගි වූයේ නැති බැවින් ඔහුගේ ප්‍රතිවාදී ක්‍රීඩකයාට නිතරඟ ජයක් හිමි වුණා.


ජාතඛ සූර විරේන් නෙත්තසිංහ සිය තරගය ජය ගත්තේ ලකුණු 21-14 සහ 21-15 ක් ලෙසයි.ඔහුට ප්‍රතිවාදියා වූ ප්‍රනෝව් රාම් නාගලිංගම් පරාජය කරන්නට විනාඩි 34 ක් කාලයක් ගත වුණා.පළමු තරගයෙන් නිතරගයෙන් පෙරට එන්නට අවස්ථාව ලද බැවින් විරේන්ගේ ජයග්‍රහණය සැළකෙන්නේ මේ තරගාවලියේ ඔහු ලැබූ දෙවන ජය හැටියටයි.චරාන් නයික්ව සිය ප්‍රතිවාදියා බවට පත් කර ගනිමින් තරඟ වැදුණු දුමිදු අබේවික්‍රම විනාඩි 40 ක් ගත වෙන තැන නායික්ව පරාජයට පත් කළේ ලකුණු 21-12 සහ 21 -14 ක් ලෙසයි.දුමිඳුගේ ද ප්‍රථම වටය නිතරගව ජය ගත් බැවින් ඔහුගේ ජය ද තරගාවලියේ දෙවන ජය ලෙස දැක්වෙන අතර විරේන් සහ දුමිදු දෙදෙනාම දැන අවසාන 16 දෙනා අතරට පිවිස සිටිනවා.


කාන්තා කේවල අංශයේදී වරංගනා ජයවර්ධන විසින් විනාඩි 18 ක් වැනි කාලයකදී සිය ප්‍රතිවාදිණිය වූ බ්‍රිට්සි කාතුන්ව ලකුණු 21-6 සහ 21-5 ක් ලෙස පරාජයට පත් කරන්නට සමත් වුණා.පංචලි අධිකාරි විසින් රශ්මා අක්ටර් පරාජයට පත් කළේ ලකුණු 21-10,21-09 ක් ලෙසයි.ඒ සඳහා ඇයට විනාඩි 25 ක් කාලයක් ගත වුණා.ස්ම්‍රිති රාජ්බොන්ග්සි ලකුණු 21-6 සහ 21 – 8 ක් ලෙස විනාඩි 20 ක් ගත වෙන තැන පරාජයට පත් කළ රහ්මි මුදලිගේ ද පහසුවෙන් ඊ ළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
මේ අනුව විරේන්,සහ දුමිදු මෙන්ම රශ්මි,වරංගනා සහ පංචලී යන තිදෙනාද තරගාවලියේ අන්තිම 16 දෙනා අතරේ තරග වඳිනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...