නාමල්ගේ මාලිමා දමනය !

Date:

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති උරුමයක්. ග්‍රවුන්ඩ් එකේ වැඩකිරීම වමට පමණක් සීමාවූ දෙයක් නොවුනත් වමේ අය තමයි ඔය වචනේ උච්චාරණය කරන්නේ සහ ඒක ප්‍රැක්ටිස් එකේ උගන්වන්නේ. ග්‍රවුන්ඩ් එකේ අභියෝග වලට මුහුණ දෙන හැටි එහෙම ඔය ශිෂ්‍ය දේශපාලන ඇතුලෙත් උගන්වනවා.

හැබැයි අද නාමල් අර මාතලේ ද කොහෙද ගිහිල්ල මුලිච්චි වෙච්ච තරුණයක් දමනය (මාලිමා දමනය කියල කට්ටිය කියන්නේ – ඒ තරුණයා මාලිමාවේද නැද්ද නෙවෙයි මෙතන කාරණය) කළා කියල වෛරල් වෙන ක්ලිප් එකනම් වෙනම රහක් සහ ඇත්තටම නාමල් අභියෝග වලට මුහුණ දෙන තරුණ ක්‍රමය ගැන සටහනක් ලියන්නම හිතුන.

මහින්ද පතිරණ කියල තිබ්බ ලංකාවේ දැනට ඉන්න කිසිම දේශපාලනඥයෙක් සතුව ඒ පෞර්ෂය නැහැ කියල. මම එකෙන්ම ඒකට එකඟ උනේ නැතත් මම නාමල් කියන්නේ මහින්දගේ තවත් වර්ෂන් එකක් නෙවෙයි කියපු එකත්, එයා ඇත්තටම පරිණත ගතිවලින් සහිතයි කියල මීට මාස ගණනකට පෙර කිව්ව කතාවත් සත්‍යයන් කරපු එක අවස්ථාවක්.

කිසිම දේශපාලඥයෙක් පාරේ අභියෝගයක් එහෙම ෆේස් කරනවා මම දැකල නැහැ. ඒක මාර ෆේස් කිරිල්ලක්.

උඹලගේ එක ඉවරයි දැන් තියෙන්නේ අපේ එක. අපි ඒක බලාගන්නම් කියල තමයි කොල්ල කියන්නේ. නිකම් ඒක ගමේ ඇවිත් රඟන්න එපා කියනවා වගේ දෙයක්.

එහෙම කියපු කොල්ලගේ කරට අත දාල තමයි නාමල් කතාකරන්නේ. ඒක නාමල් පාර්ලිමේන්තුවේ කතාකරනවාටත් වඩා මාර ලයිව්. මාර ස්ට්‍රොන්ග්.

මට මතක් උනේ ඉස්කෝල කාලේ පාරේ සෙට්වෙන වලි. ගොඩක් වෙලාවට අනික් ඉස්කෝලේ කොල්ලෝ එක්ක. කෙල්ලෝ ප්‍රශ්න වගේ. 🙂

මේ චැලේන්ජ් එක ඇතුලේ නාමල් සැලුණේම නැහැ. වචන වලින්ම උත්තර දුන්න. කොච්චර කවුරු හා හා දැම්මත් ඇත්තටම නාමල් සීන් එකේ ඉන්න ඕනි. කවදාහරි ඉස්සරහට එන්නත් ඕනි කියල හිතුන.

විශේෂයෙන් තරුණයෝ දිනාගන්න තැනදී මේ ප්‍රවේශය වැදගත් ….

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...