මෙහෙම මහදවල් ව්‍යාපාරිකයින් මරලා දාද්දී මොන ආයෝජකයාද මේ රටට එන්නේ ? – මුජිබර්

Date:

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ නගරය තුළ මහදවල් ඝාතනයට ලක්වීම යනු ඉතාම බරපතළ තත්වයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

“මං හිතනවා මේක ඉතාම බරපතළ තත්වයක්. ඒ තමයි කොළඹ නගරයේ මහදවල් විශාල ව්‍යාපාරයක සභාපතිවරයෙක්ව අරගෙන ගිහිල්ලා මරලා දාන්න පුළුවන් කියන්නෙ මේ නගරය ඉතාම අනාරක්ෂිතයි. ඒ පණිවිඩය අද අපෙන් ලෝකයට දීලා තියෙනවා. ආණ්ඩුව කියනවා එක පැත්තකින් මේ ආයෝජකයින්ට එන්න කියලා. ඉතින් මොන ආයෝජකයාද එන්නෙ මේ ව්‍යාපාරිකයින්ව මහදවල් මරලා දැම්මාම ? කවුද එන්නෙ ?

දැන් මේ රටේ ඉන්න ව්‍යාපාරිකයොත් මේ රට දාලා යනවා මේ තත්වය උඩ. ඒ හින්දා විදේශිකයින් කොහොමවත් එන්නෙ නෑ. ඉස්සෙල්ලාම මේ අරගලකරුවන් පිටිපස්සේ පන්නන්නෙ නැතුව, ජනාධිපතිතුමාගෙ ඇඳේ නිදියාගත්ත මිනිහා කවුද, ජනාධිපතිතුමාගේ සරම අරන් ගිය මිනිහා කවුද, ජනාධිපතිතුමාගේ ස්විමිං පූල් එකේ නෑවෙ කවුද, ඒවාට වඩා දැන් රටේ ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය. මේකෙන් වෙන්නෙ මේ රටේ ව්‍යාපාරිකයිනුත් මේ රට දාලා යන එක. අද වෙනකොට වෘත්තිකයින් මේ රට දාලා යනවා, බුද්ධිමතුන් රට දාලා යනවා, රටේ ඉන්න පහළම ජනතාවත් අද රට දාලා යන තත්වයක් තියෙනවා”

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...