DP Coding School සමාරම්භක උත්සවය දෙල්ගොඩ මහමෙව්නා විද්‍යාලයේදී (VIDEO)

Date:

දැයේ දුවාදරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන DP Education වැඩසටහනේ නවතම පියවර වන DP Coding School වැඩසටහනේ සමාරම්භක උත්සවය දෙසැම්බර් 16 වනදා දෙල්ගොඩ මහමෙව්නා බෞද්ධ විද්‍යාලයේදී පැවැත්විණි.

විදුහලේ අනුශාසක අළුදෙණියේ සුබෝධ හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විදුහල්පති සී. සී. ඩී. ගම්ලත් මහතාගේ ඇරයුමෙන් උත්සවය සංවිධානය කර තිබිණි.

මීට සමගාමීව පැවැත්වූ තොරතුරු තාක්ෂණ තරගාවලියේ සහතිකපත් සහ ත්‍යාග පිරිනැමීම ද ධම්මික පෙරේරා මහතාගේ සහභාගීත්වයෙන් මෙහිදී සිදුකෙරිණි.

එමෙන්ම විදුහලේ නව විද්‍යාගාරය සහ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම ද එම අවස්ථාවේදී ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා,

“මගෙන් සිද්ධ වෙන්නෙ ඕනෙ මොකක්ද රටට, මම ඒක කරමින් පවතිනවා. මම දේශපාලනය ගැන කතා කරන්නෙ නැහැ කියලා හිතාගත්තා. එහෙම කළකිරීමකින් නෙවෙයි, කළකිරෙන්න දෙයක් මට නෑ. මොකද ඒ වෙලාවෙ මට භාරදුන්න කාර්යයට තමයි මම ආවෙ. ඒ වෙලාවෙ ඇමති කෙනෙක් හැටියට මට දවස් 16ක් හම්බුණා, ඒකෙන් දවස් 10 යි වැඩ කරන දවස් තිබුණෙ. ඒ දවස් 10 මම ඒ හදන්න ඕනෙ ආයතන ටික හදලා ඉවරයි. මට ඇමතිකම් කියන්නෙ, වගකීමක් කියන්නෙ එච්චර දෙයක් නෙවෙයි. මගේ පොතේ තියෙනවා අමාත්‍යාංශ ටික ඔක්කොම හදන්න ඕනෙ විදිහ ගැන”

දැයේ දුවාදැරියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීම, තරුණ තරුණියන් සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම් ලබාදීම සහ රැකියා අවස්ථා වෙනුවෙන් මංපෙත් විවර කිරීම වෙනුවෙන් ධම්මික පෙරේරා සහ ප්‍රෙසිලා පෙරේරා පදනම විසින් පවත්වාගෙන යන ඩීපී කෝඩින් ස්කූල් වැඩසටහන සමග https://dpcode.lk/dashboard යොමුවෙන් සම්බන්ධ විය හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...