පළාත් පාලන ඡන්දය කල් යාවිද???

Date:

පළාත් පාලන ඡන්ද විමසීම තවත් මාස 06කින් පමණ කල් දැමීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන ජනවාරි මාසයේදී ඒ සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාව නාම යෝජනා කැඳවූවද ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුවේ පාර්ශ්ව මේ වනවිට සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවරණයට රුපියල් මිලියන දහසකට වඩා මුදලක් වැය වන නිසා වියදම අඩු කිරීමට සභික සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීම නීති සංශෝධනයේ එක් අරමුණක් වී ඇතැයි ද වාර්තා වෙයි.

ලබන මස 23 වැනිදා අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් මේ මොහොතේ මැතිවරණ පැවැත් වුවහොත් ඊට බාධා ඇතිවන නිසා එකවර සභික සංඛ්‍යාව අඩුකර මාස කිහිපයක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු බවට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතය වී ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කල් යන කාලසීමාව තුළ ආණ්ඩුවේ පක්‍ෂ අතර සන්ධාන ගොඩනගා පක්‍ෂවලට හිමි සභික කෝටා ප්‍රමාණයන් හා තනතුරු නිශ්චයකර ගැනීම ද ආණ්ඩුවේ අරමුණ වී ඇත.

මේ අතර ලබන 20 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව රැස්වී නාමයෝජනා කැඳවන කාලසීමාව පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

ඒ අනුව නාම යෝජනා පත්‍ර කැඳවීමේ හා ඡන්ද විමසීම සිදුකිරීමේ බලය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත පැවරීමට නියමිතය.

නාම යෝජනා කැඳවූවද මැතිවරණය කල් දැමීම හා නව නීති සම්පාදනය පිළිබඳව ආණ්ඩුව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇතැයි ද වාර්තා වෙයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී මැතිවරණය පැවැත්වීමට මේ කාලය සුදුසු නොවන බවත් එබැවින් ඡන්ද විමසීම කල් දමන ලෙසත් ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...