රගර් පිටතින් ද ඇතුළතින් ද උණුසුම් වූ සති අන්තයක්

Date:

වත්මන් රගර් පරිපාලය ඉතා අවම රාජ්‍ය අනුග්‍රහයක් සහිතව,කොවිඩ් උවදුරට ද මුහුණ දෙමින් වැටී තිබෙන ණය තත්ත්වයෙන් යම් දුරකට හිස ඔසවමින්,අලුත් අනුග්‍රහයන් සොයා ගනිමින් සහ නව ජාත්‍යන්තර සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට එමින් තිබෙන මොහොතක එහි සභාපතිවරයා ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කිරීමත් සමඟ ඇති වී තිබෙන උණුසුම් වාතාවරණය මත මෙවර නිපොන් ලීග් ජාතක තරගාවලිය දෙවන සතියට පිවිසුණා.ඒ අභ්‍යන්තර උණුසුමට පිටියේ උණුසුම ද ගෙන එමින් මේ සතියේ පැවති තරග රැසක් නිමාවට පත් වුණේ ඉතා තියුණු සටනකින් පසුව ජයග්‍රාහී කණ්ඩායමට සියුම් ජයග්‍රහණ අත් කර දෙමින්.

නාවික හමුදා කණ්ඩායම සහ සීඑච් එන්ඩ් එෆ්සී කණ්ඩායම් නාවික හමුදා ක්‍රීඩංගණයේදී මුණ ගැසුණ අතර තරගය නිමාවට පත් වූයේ 34 – 20 ක් ලෙසයි.සිකුරාදා සහ සෙනසුරාදා අතර පැවති තරග අතරෙන් වැඩිම ලකුණු පරතරයක් සහිතව ජයග්‍රහණය තීරණය වූ මෙම තරගයේදී තරගයේ පළමු අර්ධය නිමාවන විට නාවික හමුදාව ලකුණු 13 ක් ද,සීඑච් කණ්ඩායම ලකුණු 17 ක් ද ලබා ගෙන සිටියා.
තුරග තරග පිටියේදී හමු වූ පොලීසිය සහ යුද හමුදාව අතර තරගයේ තීරණය විසඳුණේ ලකුණු දෙකක පරතරයක් සමඟයි.අවසාන ප්‍රතිපලය අනුව ශ්‍රී ලංකා යුද හමුදාව ලකුණු 25 ක් රැස් කළ අතර පොලිස් කණ්ඩායම ලකුණු 23 ක් ලබා ගත්තා.තරගයේ දෙවන අර්ධය ආරම්භ වන විට ලකුණු පූවරුව තිබුණේ ලකුණු 12 – 8 ක් ලෙසයි.එහිදී ද ඉදිරියෙන් සිටියේ යුද හමුදාවයි.

ලීග් සූරතාවයේ නිත්‍ය හිමිකරුවන තරමට වර්ථමානයේ දක්ෂතා දක්වන මහනුවර කණ්ඩායමට මෙවර ලීග් සූරතාවය දිනා ගැනීම පහසු එකක් නොවනු ඇති බවට ඉඟි කළේ කොළඹ සීආර් එන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයයි.ඔවුන් සිය පරිශ්‍රය වන ලොන්ඩන් පිටියට කැඳ වූ මහනුවර කණ්ඩායම ප්‍රබල සටනක් ලබා දුන්නා.තරගයේ මුල් අර්ධය නිමා වන විට වාහන ටැක්සියක් මෙන් ක්‍රීයාත්මක වන මහනුවර ලකුණු යන්ත්‍රය වාහනය අතර මඟ නැවතී තිබෙන තත්ත්වයක් පෙන්නුම් කළා.තරගයේ පළමු අර්ධය නිමා වුණේ ලකුණු 3 – 3 ක් ලෙසයි.
තරගයේ නිශ්චිත වේලාවට තත්පරයට එකතුවෙන අතිරේක කාලය ඇරඹෙන විටත් ලකුනු 10 – 11 සේ මහනුවර කණ්ඩායම සීආර් කණ්ඩායමට පසුපසින් සිටියත් තීරණාත්මකම මොහොතේ අත්දැකීම් සහිත ඉකුත් ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ තරින්ද රත්වත්ත ලද දඬුවම් පහර නිවැරදි එල්ලයේ පතිත කළේ ලකණු තත්ත්වය 13 – 10 ක් ලෙස මහනුවර කණ්ඩායම ජයග්‍රහණය හිමි කර දෙමින්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ හැව්ලොක්ස් කණ්ඩායම් අතර රත්මලානේදී පැවති තරගයේ දී පළමු අර්ධයේ ලකුණු 19 – 09 ක් ලෙස හැව්ලොක්ස් කණ්ඩායම පෙරමුණේ සිටියා.නමුත් දෙවන අර්ධයෙදි අනපේක්ෂිත ගුවන් ප්‍රහාරයකට යටත් කළ හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව ගවන් හමුදා ක්‍රීඩකයින් ලකුණු 24 ක් එක් කර ගනිමින් සිය ලකණු ප්‍රමාණය 35 දක්වා ඉදිරියට ගෙන ආවා.ඊට පිළිතුරු ලෙස හැව්ලොක් ක්‍රීඩකයින්ට දෙවන අර්ධයේදී ලබා ගන්නට ලැබුණේ ලකුණු 17 ක් පමණයි.ඒ අනුව තරගයේ අවසානය සටහන් වෙද්දී ලකුණු සටහන දැක් වුණේ 36 – 35 ක් සේ ඉතා තියුණු ජයක් හැව්ලොක්ස් කණ්ඩායමට හිමිකර දෙමින්.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...