ජොස්කෝගේ වෙස් මුණ ගලවා බලමු.

Date:

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වෙස් මුහුණුකරුවන් දෙදෙනෙකි. එක් අයෙක් ක්‍රොඒසියාව නියෝජනය කළ අතර අනෙකා නියෝජනය කළේ දකුණු කොරියාව නියෝජනය කළේය.ඉන් එක් අයෙක් දකුණු කොරියාවේ අංක 7 හියුන්-මින් ය.ඔහු ද ආරක්ෂාවට ආවරණ පැළදී අතර එයට හේතුව වූයේ ඔහුගේ වම් ඇස වටා තරගයක් අතර වූ සිඳුවීමකදී අස්ථි බිඳීම්වලට ලක්විමය.
නමුත් වෙස් මුහුණුකාරයන් අතරින් වැඩි අවධානයක් යොමු වූයේ ක්‍රොඒෂීයාවේ ජොස්කෝ ග්වැර්ඩියොල්ට ය.ඒ ඔහුගේ දක්ෂකම් ක්‍රොඒසියාව තරගාවලියේ තෙවන තැන දක්වා ගෙන එන්නට විශාල වශයෙන් හේතු වූ නිසාය.ක්‍රොඒසියාව තෙවැනි තැන දිනූ මොරොක්කෝවට එරෙහි තරගයේදීත් ජොස්කෝ කැපී පෙණුනා.ඔහු තරගයේ පළමු ගෝලය ලබා ගැනීමෙන් නොනැවතී දැක් වූ දස්කම් සළකා එම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද ඇගයීමට ලක් වුණා.
මේ විශේෂ ක්‍රොඒසියානු ක්‍රීඩකයාගේ මුහුණට වෙස් මුහුණක් ආවෙත තරගයක් අතර තුර සිඳු වූ අනතුරක් නිසා.ඔහුගේ බිදි ගිහිං තිබෙන්නේ නාසයයි.ඒ තමන් නියෝජනය කරන ලිප්සිග් ක්‍රීඩා සමාජයේම ක්‍රීඩකයෙක් වන විල් ඕබ්‍රන් සමඟ ගෝලයක් ලබා ගන්නට යාමේදී මේ ගැටීම සිඳු වී තිබෙනවා.ගෝලය අසළ දී හිසෙන් පහර එල්ල කරන්නට මේ දෙදෙනාම උත්සාහ කරන අතර ජොස්කෝ ඉලක්කය සාර්ථකව ලබැ ගෙන බිම පතිත වීමේදී ඔහුගේ නහය ඕබ්‍රන්ගේ සිරුරේ ගැටී එම අනතුර සිඳු වෙනවා.මේ සමඟ ඇත්තේ ඊට අදාළ විඩියෝ සටහනයි.
https://www.google.com/search?q=JOSKO+GVARDIOL+and+Willi+Orban+incident&source=lmns&tbm=vid&bih=640&biw=1349&hl=en&sa=X&ved=2ahUKEwijrr3AmIL8AhVgFLcAHfxCB-QQ_AUoA3oECAEQAw#fpstate=ive&vld=cid:f63b0489,vid:sr8Vs1qVqyk
මෙවර තරගාවලියෙන් පසුව ක්‍රොඒසියාවට ලුකා ගේ සේවය අහිමි වුවත්, 20 හැවිරිදි ජොස්කෝ වැන්නන් ඔවුන් සතුව සිටීම ලුකාගේ හිස්තැන වැඩි කාලයක් අඩු-පාඩුවක්ව නොපවතිනු ඇතැයි වීශ්වාසයට ගන්න හොඳ සාධකයක්ය.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...