දරුවන් මන්දපෝෂණයෙන්ද…???

Date:

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මකභාවයෙන් යුත් බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළු මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවේ, ඒ සඳහා ලෝක ආහාර සංවිධානය හරහා අමුද්‍රව්‍ය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව ද ඇය ප්‍රකාශ කළාය.

එසේම ඇය ප්‍රකාශ කළේ,දිස්ත්‍රික්ක මට්ටමින් හඳුනාගත් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට රජයේ ප්‍රතිපාදන විශාල වශයෙන් වෙන් කර තිබෙන බවයි.

තවද පෝෂණ මලු ලබා දීමේ වැඩසටහනක් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ද ,පෝෂණ කමිටු බිහි කිරීමටද විශේෂ අවධානයත් යොමුව තිබේ.

ග්‍රාමීය, පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙමගින් ආහාර සුරක්ෂිතතාවය අපේක්ෂා කරන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...