දරුවන් මන්දපෝෂණයෙන්ද…???

Date:

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මකභාවයෙන් යුත් බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළු මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවේ, ඒ සඳහා ලෝක ආහාර සංවිධානය හරහා අමුද්‍රව්‍ය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව ද ඇය ප්‍රකාශ කළාය.

එසේම ඇය ප්‍රකාශ කළේ,දිස්ත්‍රික්ක මට්ටමින් හඳුනාගත් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට රජයේ ප්‍රතිපාදන විශාල වශයෙන් වෙන් කර තිබෙන බවයි.

තවද පෝෂණ මලු ලබා දීමේ වැඩසටහනක් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ද ,පෝෂණ කමිටු බිහි කිරීමටද විශේෂ අවධානයත් යොමුව තිබේ.

ග්‍රාමීය, පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙමගින් ආහාර සුරක්ෂිතතාවය අපේක්ෂා කරන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...