පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කුරුමානම් අල්ලමින් සිටින අතර අලුතෙන් දැන් කියමින් සිටින්නේ මුදල් නැතිකම සහ දෙසැම්බරයේ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාම හේතුවෙන් ආරක්ෂාව සැපයීමට නොහැකි බව වන බවත් ඒ අනුව ජනාධිපතිවරණය, මහමැතිවරණය සියල්ල කල්දමා රනිල් වික්‍රමසිංහ මහතා සදාකාලික ජනාධිපතිවරයා ලෙස සිටීමට උත්සහ කරනු ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
ජන්දයනොපැවැත්වීම මඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සිදුකිරීමට නොහැකි වනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
කෙසේවෙතත් නිසිලෙස ජනතා මතය තහවුරු කරගැනීම වෙනුවෙන් ජන්දය කල්දැමීමට ආණ්ඩුවට කිසිලෙසකින්වත් ඉඩ නොදෙන බවද මරික්කාර් මහතා සඳහන් කරයි.
ASK