උත්සව එපා… දුප්පතුන්ට පිහිට වන්න: කාදිනල් හිමිපාණන්

Date:

මෙවර උදාවෙන නත්තල නිමිත්තෙන් රටපුරා සිදුකරන සැරසිලි, විදුලි ආලෝකය, ප්‍රියසාද, සංගීත සංදර්ශන, නත්තල් කලාප නතර කර එම මුදල් රටේ අසරණ ජනතාව වෙනුවෙන් වැය කරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට කතෝලික ජනතාවගෙන් සහ සියලු ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිති.

රට අද පත්වී තිබෙන තත්ත්වය අනුව නත්තල නිමිත්තෙන් විශාල මුදලක් මෙසේ වියදම් කිරීම සුබවාදී නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

එසේ වැය කරන මුදල් පාසල් දරු දැරියන්ගේ පොත්පත්, පාසල් උපකරණ, සපත්තු, බෑග් වෙනුවෙන් ලබාදී සැබෑ නත්තල සැමරීම සඳහා කවුරුත් සිතා බැලිය යුතුව තිබෙන බවද කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...