උත්සව එපා… දුප්පතුන්ට පිහිට වන්න: කාදිනල් හිමිපාණන්

Date:

මෙවර උදාවෙන නත්තල නිමිත්තෙන් රටපුරා සිදුකරන සැරසිලි, විදුලි ආලෝකය, ප්‍රියසාද, සංගීත සංදර්ශන, නත්තල් කලාප නතර කර එම මුදල් රටේ අසරණ ජනතාව වෙනුවෙන් වැය කරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට කතෝලික ජනතාවගෙන් සහ සියලු ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිති.

රට අද පත්වී තිබෙන තත්ත්වය අනුව නත්තල නිමිත්තෙන් විශාල මුදලක් මෙසේ වියදම් කිරීම සුබවාදී නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

එසේ වැය කරන මුදල් පාසල් දරු දැරියන්ගේ පොත්පත්, පාසල් උපකරණ, සපත්තු, බෑග් වෙනුවෙන් ලබාදී සැබෑ නත්තල සැමරීම සඳහා කවුරුත් සිතා බැලිය යුතුව තිබෙන බවද කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...