නන්දලාල්ගෙන් කබ්රාල්ට පිළිතුරු …!

Date:

පසුගිය දා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් පුවත් පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ තමා කළ දේම වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාද අනුගමනය කරන බවයි.

එයට වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පිළිතුරු දුන්නේ පහත පිරිදිය:

“එතුමා පත්තරේකටත් කියල තිබුණා නන්දලාල් කරන්නෙත් මම කරපු දේමයි කියලා. ඒකත් ඇත්තටම අර එතුමාගේ තේරුම් ගැනීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීමක්. අපි බැලුවොත් 2020 – 21 කාලෙ විනිමය අනුපාතය රු. 203 ස්ථාවර කළා. ෆික්ස් කළා. සංචිතවලින් කොටසන් ණය ගෙවන්න ගත්තෙ. ඉතුරු සංචිත ටික රු. 203 තියාගෙන බිංදුව කර ගත්තා. ඒක තමයි ඒ කරපු වැඩේ. ඒක බැහැ කියල තේරෙනකොට එතුමාම තමයි රුපියල ෆ්ලෝට් කරේ. නිදහසේ පාවෙන්න ඇරිය එකපාරටම. 2022 මාර්තු 18 දින තමයි අයිඑම්එෆ් එකට ලියුම ලිව්වේ. හැබැයි මාර්තු 07, 08, 09, ඉඳල මේක පා කරල ඇරිය. ඒකත් වැරදී ප්‍රතිපත්තියක්. එතකොට ප්‍රතිපත්තියක් වශයෙන් රු. 203 ෆික්ස් කරල ගොඩක් කල් ඉදලා එකපාරටම මේක පාවෙන්න ඇරියම පාලනයක් නැතුව මෙක යනව නිදහසේ කඩාගෙන කාටවත් නවත්තන්න බෑ. මාර්තු 09 දින හිටපු අධිපතිතුමා බැංකු ප්‍රධාන විධායක නිලධාරීන්ට මීටින් එකක් තියල කිව්ව මේක ඕන ගානකට යන්න. ඒක ඕගොල්ලන්ගේ මතය අනුව විනිමය අනුපාතය තීරණය කරන්න කිව්වම එදා ඉඳල තමයි මේක අර නූල කැඩිච්ච සරුංගලය වගේ යන්න ගියේ. අනිත් දේවල් නොකර රුපියල විතරක් අතහැරියම ඒක යන්නෙ කොහෙද කියල කාටවත් කියන්න බෑ, ඒක කඩාගෙන යනව. මම එනකොටත් ඔහොම තමයි තිබුණු තත්ත්වය.

ප්‍රතිපත්තිය ආයිත් එකපාරට වෙනස් කරන්න බෑ. සංචිත නැති වුණාට පස්සෙ අතේ සල්ලි නැතුව කොහොමද මේක ෆික්ස් කරන්නෙ. මම ආවට පසු මුදල් මණ්ඩලය සාකච්ඡා කරා කොහොමද මේක නවත්වන්නෙ කියලා. දවසින් දවස රු. 5 රු. 10 යනව. අපට සංචිත ඇත්තෙත් නෑ. රටේ පෝලිම් තියෙනවා. තෙල් ඇත්තෙත් නෑ. ණය ගෙවීමත් නතර කරල තියෙනවා. විනිමය අනුපාතය නවත්තන්න ක්‍රමයක් නෑ. ඒ පාර තමයි අලුතින් සාකච්ඡා කරල මේක කළේ. ඇත්ත වශයෙන්ම වර්ෂ 2000ට කලිනුත් මේක කරල තියෙනවා. මේ අලුත් ක්‍රමය ‘ක්රෝලින් පෙග්’ (crawling Peg) කියල කියන්නේ. මෙහිදී කිසියම් පරාසයක් ඇතුළේ වෙළෙඳපොළට එහා මෙහා යන්න පුළුවන්. මේකෙ නම්‍යභාවයක් තියෙනවා. මේකෙ විචල්‍යතාවය අඩුයි. එතකොට මේක පැහැදිලිවම විනිමය අනුපාතය රු. 203 ෆික්ස් කරල සංචිත නැති කර ගත්ත එකයි මේ පරාසය දීල ඒකෙ ඇතුළෙ දවසින් දවස රේට් එක වෙනස් වෙලා වෙළෙඳපොළට අනුකූලව ක්‍රමානුකූලව විනිමය අනුපාතය වෙනස්වීමයි දෙකක්. ඕකත් යම්කිසි ආකාරයක හැකියාවක් තියෙන්න ඕන තේරුම් ගන්න. අපි ඒ අතරම ආනයන පාලනය කරන්න පියවරත් ගත්තා. ඒ අනුව ආනයන ඉල්ලුම අඩු වුණා. ඒ අනුව දැන් මේක ස්ථාවර වෙලා තියෙන්නේ. යම්කිසි ආකාරයකෙට වැඩිපුර විදේශ විනිමය එන්න ගත්තොත් මේක අනිත් පැත්තට යන්නත් (අධිප්‍රමාණය වෙන්නත්) පුළුවන්. එහෙම යන්න ඉඩකඩ දීලා තියෙන්නේ අපි. ඒ නිසා කිසියම් පරාසයක් තුළ විචල්‍යය වීමක් තමයි මෙහි තිබෙන්නේ. සංචිත කොහොමත් අවම මට්ටමේනේ තියෙන්නේ. ඒවායින් තෙල් ටිකට දීල මැනේජ් කරගෙන යනවා. ඒ කාලෙ සංචිත තිබිල අඩු වුණේ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය මහා සංස්කෘතික මංගල්‍ය හෙට ඇරඹේ!(PHOTOS)

කොළඹ LNW:යාපනයේ සුප්‍රකට නල්ලූර් කෝවිල කේන්ද්‍ර කරගත් වාර්ෂික තේරු...

X-Press Pearl නඩු තීන්දුව: සමාගම වහල, වන්දි ගෙවන්නේ කොහොමද?

ලංකාවේ මුහුදු තීරයේ දී ගිනිගෙන විනාශ වුණ එක්ස්ප්‍රස් පර්ල්...

අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය...

ජනපතිට මාලදිවයිනේදී මහත් හරසර!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : අද (28) පෙරවරුවේ...