*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

බිත්තර මිලියන 10ක් අද (18) වෙළෙඳපොළට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (18) සිට ආනයනික බිත්තර මිලියන 10ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම බිත්තර තොගය අද සිට ලංකා සතොස ආයතනය වෙත බෙදාහැරීමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එබැවින්, කිසිදු හිඟයකින් තොරව සතොස අලෙවිසැල් ජාලය හරහා උත්සව සමයේ දී ජනතාවට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති බව සඳහන් වේ.

මේ අතර තවත් ආනයනික බිත්තර මිලියන 15ක් මෙරටට රැගෙන ඒමට නියමිත අතර එම තොග, තත්ත්ව පරීක්ෂණ කටයුතු සඳහා කඩිනමින් යොමු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

අදාළ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව එම බිත්තර තොග ද සතොස අලෙවිසල් ජාලයෙන් මෙන්ම තෝරාගත් සුපිරි වෙළෙඳසල් කිහිපයක් සඳහා බෙදා හැරීමට නියමිත ව ඇත.

පසුගිය කාලය තුළ දේශීය බිත්තර නිෂ්පාදකයින් අවස්ථා කිහිපයක දී බිත්තර මිල ඉහළ දැමීමට පියවර ගැනීමත් සමග පාරිභෝගිකයින් පීඩාවට පත්වීම වැලැක්වීමේ අරමුණින් රජය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගත්තේය.

කෙසේවෙතත් බිත්තර ආනයනය නතර කරන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග යළිත් වරක් දේශීය බිත්තරයක මිල ගණන් රුපියල් 55ත් 65ත් දක්වා ඉහළ ගිය අතර පවතින තත්ත්වය තුළ යළිත් වරක් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේ, පාරිභෝගිකයින් අපහසුතාවට පත්වීම වැළැක්වීම වෙනුවෙන් අධියර කිහිපයක් යටතේ ඉදිරියේ දී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan