ප්‍රේක්ෂකයා වෙනම ලෝකයකට ගෙන යෑමට උපන් හපන් නෝලන්ට නයිට් පදවියක්!

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඔස්කාර් සම්මානලාභී ඔපන්හයිමර් අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලන් සහ ඔහුගේ බිරිඳ එමා තෝමස් යන දෙපළට චිත්‍රපට සඳහා ඔවුන් දක්වන දායකත්වය වෙනුවෙන් තුන්වන චාල්ස් රජු විසින් රාජකීය නයිට් පදවිය ලබා දීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාර්ථකත්වය මුදුන්මල්කඩක් කරගත් මේ දෙපළ සැබෑ ජීවිතයේ ස්වාමියා-බිරිඳ යන භූමිකාව මෙන්ම ව්‍යාපාරික සහයකයින් ය. ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හිදී මුණගැසී, සිනමාව සඳහා වූ ඔවුන්ගේ හවුල් ආදරය දළුලා ගියේ හරි අපූරු මුණගැස්වීමක පෙර ලකුණු පෙන්වමිනි.

1997 වසරේදී විවාහ වූ ඔවුන් බොහෝ බ්ලොක්බස්ටර් ජයග්‍රහණ සඳහා වූ නිෂ්පාදන සමාගමක් ආරම්භ කළහ.

සර් රිස්ටෝපර් නෝලන් යනු සංකීර්ණ මනෝභාවයන් උද්දීපනය කරමින් කතාංග නිර්මාණය කරමින්, හොලිවුඩය පුරා ප්‍රසිද්ධියට පත් ඔහු 21 වැනි සියවසේ ප්‍රමුඛ පෙළේ චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස සැලකේ.
මේ වනවිට නෝලන්ගේ චිත්‍රපට ඩොලර් බිලියන 6.6කට අධික ආදායමක් උපයා ඇති අතර, ඔහු මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙස හත්වන ස්ථානයට පත්ව සිටී. ඔහුට ලැබුණු ඇගයීම් අතර ඇකඩමි සම්මාන දෙකක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් සහ බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන දෙකක් ඇතුළත් වේ. නෝලන් 2019 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අණදෙන නිලධාරියෙකු ලෙස පත් කරන ලද අතර චිත්‍රපට සඳහා ඔහු කළ දායකත්වය වෙනුවෙන් 2024 වසරේ මේවන විට නයිට් පදවියක් ලබා ගැනීමට සමත් වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...