කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි !

Date:

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්යාංශය කටයුතු කර තිබේ.

අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමේ චෝදනාව යටතේ මෙසේ ඔහුගේ වැඩ තහනම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්යාංශයේ වැඩබලන ලේකම්වරයා විසින් ඊයේ (18) දිනයේදී ලිඛිතව දැනුම් දී ඇත.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය සතියේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ කොළඹ ජාතික රෝහලේ බරපතළ වංචා, දූෂණ හෙළිදරව් කිරීම නිසා පළිගැනීමක් වශයෙන් තමන්ගේ වැඩ තහනම් කිරීමේ සූදානමක් පවතින බවකි.

රුක්ෂාන් බෙල්ලන මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) සභාපතිවරයා ද වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ කාන්තාවක් මානව සහකරුවෙකු වෙනුවට ChatGPT කෘතීම සහකරුවෙකු සහේට ගනී!

සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW):  කෘත්‍රිම බුද්ධියේ ආචාර...

ශ්‍රී ලංකා රජය IMF වෙතින් කළ ඉල්ලීමට ප්‍රතිචාර කෙබඳුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : දිට්වා' සුළි කුණාටුවෙන්...

පීඩාවට පත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබිලා නෑ – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : රජය ආපදාවෙන් පීඩාවට...

විපක්ෂයේ අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ආපදාවත් සමඟ...