5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW :

ඊයේ(18) දින 5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියක් කොළඹදී පැවැත්වුණු අතර,සංඛ්‍යාත ගාස්තු ඇතුලු සෙසු අය කිරීම් ද සමග රුපියල් මිලියන 15,295.5ක සමස්ත ආදායමක් ඉන් රජයට හිමිවන බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

මෙම වෙන්දේසිය 3500Mhz සංඛ්‍යාත පරාසයෙන් සහ 27ghz සංඛ්‍යාත පරාසයෙන් වෙනුවෙන් පැවැත්වූ අතර, එහිදී 3500Mhz සංඛ්‍යාත පරාසයේ වර්ණාවලි මිලදී ගත්තේ, ඩයලොග් ආසියාටා සමාගම සහ මොබිටෙල් සමාගමයි.

එක් සංඛ්‍යාතයක් රුපියල් බිලියන 5.175 බැගින් වෙන්දේසි වී තිබුණ අතර, 27ghz සංඛ්‍යාත පරාසයේ වර්ණාවලි ද, ඩයලොග් ආසියාටා සමාගම මිලදී ගෙන තිබුණේ, රුපියල් මිලියන 310.5 ක මුදලකටයි.

එහිදී, 5G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් ලැබූ ආදායම, රුපියල් මිලියන 10,660.5 බව වාර්තා වේ. සංඛ්‍යාත ගාස්තු ඇතුලු සෙසු අය කිරීම් ද සමග රුපියල් මිලියන 15,295.5ක සමස්ත ආදායමක් ඉන් රජයට හිමිවූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ ය. ඊට අදාළ ගෙවීම් 2029 දක්වා කොටස් වශයෙන් ලබාදීමට අවස්ථාව හිමිවන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...