කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20) පෙරවරු 08.00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක පහක් වෙත නාය යාමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබේ.
ඒ අනුව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා 3 වන මට්ටමේ (රතු) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙන අතර බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.
අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
