සටහන : සශිකලා මධුෂාණි
දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කෝර්ඩෝෆාන් කලාපයට එල්ල කරන ලද කාලතුවක්කු හා බෝම්බ ප්‍රහාර හේතුවෙන් දරුවන්, කාන්තාවන් ඇතුළුව සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයත් සමඟ දෙසැම්බර් මුල සිට සිවිල් වැසියන් 100 කට වැඩි පිරිසක් ඝාතනයට ලක්ව ඇති අතර රටේ කුරිරු සිවිල් යුද්ධය එහි තුන්වන වසරට පැමිණ ඇත.
සිවිල් ප්‍රදේශවලට එල්ල වන ප්‍රහාර වහාම නතර කරන ලෙසත්, සටන්වලට කොටු වී සිටින අයට මානුෂීය ප්‍රවේශය සහතික කරන ලෙසත් සන්නද්ධ කණ්ඩායම් දෙකටම බලපෑම් කරන ලෙස සුඩාන වෛද්‍ය ජාලය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇති අතර කොලරාව සහ ඩෙංගු උණ පැතිරීම් වලින් දැනටමත් පීඩාවට පත්ව ඇති සෞඛ්‍ය පහසුකම් මත බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ඇති වී ඇති පීඩනය තවත් වැඩි වී තිබේ.
සුඩාන යුද්ධය තුළ සිදු කරන ලද කුරිරුකම්, ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් RSF හා රජයට අනුබද්ධ සුඩාන සන්නද්ධ හමුදාවන්ට (SAF) යන දෙපාර්ශවයටම චෝදනා එල්ලවන අතර එක්සත් ජාතීන්ගේ සරණාගත නිලධාරීන් සුඩාන යුද්ධය විස්තර කර ඇත්තේ, නොහැකි භීෂණ තත්වයක් වශයෙණි.
SAF ප්‍රධානී අබ්දෙල් ෆට්ටා අල්-බර්හාන් සහ ඔහුගේ හිටපු නියෝජ්‍ය මොහොමඩ් හම්දාන් හෙමඩ්ටි ඩගාලෝ අතර 2023 අප්‍රේල් මාසයේදී ඇති වූ සුඩානයේ ගැටුම, සමහර නිරීක්ෂකයින්ට අනුව, 100,000 කට අධික පිරිසක් මිය ගොස් මිලියන 14 ක් අවතැන් කර ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව විශාලතම මානුෂීය අර්බුදය ලෙස හැඳින්වේ.