ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ හානි වූ වගා බිම් සඳහා හානි පූර්ණය කිරීම ආරම්භ කොට ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්.බස්නායක මහතා පවසයි.

කුඹුරු වගාබිම් හෙක්ටයාර් 1700ක පමණ ප්‍රමාණයකට හානි වී ඇති බවත් ඉන් හෙක්ටයාර 855ක් මහ වාරි පද්ධතියට අයත් කුඹුරු යැයි ඒ මහතා කීවේය.

එක මිටට – ගොවි බිමට ආහාර භෝග ප්‍රවර්ධන ජාතික වැසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්.බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (19) පැවැති අතර එහිදී ඒ මහතා මේ බව කීවේය.

සිදුවූ කුඹූරු වගා බිම් හානියෙන් හෙක්ටයාර් 840ක් සුළු වාරි මාර්ග පද්ධතියට අයත් බවත් ඉන් 50%ක පමණ කොටසක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට වගා කිරීමේ හැකියාවෙන් යුක්ත යැයි ද ඒ මහතා පැවසුවේය.

ආපදා නිසා කුඹුරු හෙක්ටයාර් 260ක් පූර්ණ හානියට ලක්වී ඇතැයි කී ඒ මහතා හෙක්ටයාර් 159ක කුඹූරු අර්ධ හානියට ලක්වී ඇතැයි ද කීවේය. වගා නොකළ කුඹුරු ඉඩම් හෙක්ටයාර් 433ක් ද ආපදා නිසා විනාශ වී ඇත.

ආපදා හේතුවෙන් එළවළු වගා බිම් 153ක් හානි වී ඇති අතර බඩඉරිඟු හෙක්ටයාර් 18කට ක්ෂේත්‍ර භෝග හෙක්ටයාර් 43කට ද හානි වී තිබේ. හෙක්ටයාර් 20 000ක් තුළ ව්‍යාප්ත වී ඇති කෙසෙල් වගාවන්ටද හානිවී ඇතැයි පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සියලු වගා හානි සම්බන්ධ දත්ත රැස් කිරීම් මේ වන විට සිදුවන බව ද කීවේය.

දැනට හදුනාගත් වගා හානි සඳහා හානි පූර්ණය ආරම්භ කොට ඇති බවත් දත්ත ලබා ගැනීම මත ගොවියන් සඳහා වන්දි මුදල් ලබා දෙන බවත් බස්නායක මහතා කීවේය.

යළි මහ කන්නයේ වගාව ආරම්භ කළ යුතු බැවින් මුර ජලය නිකුත් කිරීමේ කාලය මෙම මස 25 වන දින දක්වා දීර්ඝ කළ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්.බස්නායක තවදුරටත් පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය නිරූෂා අයෝනී, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් ටී.ඒ.රණසිංහ යන මහත්ම මහත්මීන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගීවූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...

දයාසිරි අදත් ඇවිලෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ...