රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

Date:

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

ඔහු සම්බන්ධ අධිකරණ වෛද්‍ය වාර්තාව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැත.

කෙසේවෙතත් එම නඩුව අවසන් වෙද්දීම සපුගස්කන්ද පොලීසිය විසින් අශෝක රන්වල මහතා සම්බන්ධ අධිකරණ වෛද්‍ය වාර්තාව රැගෙනවිත් ඇති බව ආරංචිමාර්ග පැවසීය.

විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී ඒ මහතා බීමතින් සිට නොමැති බව එම අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් සනාථ වී ඇති බවයි.

අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථය පසුගිය 11 වනදා රාත්‍රියේ සපුගස්කන්ද, දෙනිමල්ල ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වූ අතර එම මෝටර් රථයේ ගමන් ගත් මාස 7ක් වයසැති බිළිඳියක්, ඇගේ මව සහ මිත්තණිය එහිදී තුවාල ලබා තිබිණි.


`

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...