රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW :
‘ දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය.
ඒ අනුව, ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස් වූ අතර , එහිදී අදාළ මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ,අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිය එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.
‘
ඒ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිත අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය අවසන් කර ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණ ද, මෙම කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා IMF මෙහෙයුම් කණ්ඩායමක් 2026 මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද සඳහන් වේ.
විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් පසුව නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා මහතා දැක්වූයේ මෙවන් අදහසක්,
”ශ්‍රී ලංකාව ව්‍යසනකාරී සුළි කුණාටුවකට ගොදුරු වූ අතර, එය ජීවිත 600 කට වැඩි පිරිසක් බිලිගත් අතර මිලියන ගණනකට බලපෑම් ඇති කළේය. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් රට පුරා පුද්ගලයින් 100,000 කට වැඩි පිරිසක් අවතැන් වී, තීරණාත්මක යටිතල පහසුකම් විනාශ කර, ජීවනෝපායන් විනාශ කර ඇත. මෙම ව්‍යසනය හදිසි මානුෂීය සහ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා නිර්මාණය කර ඇති අතර, සැලකිය යුතු මූල්‍ය පීඩනයන් සහ ගෙවුම් ශේෂ අවශ්‍යතා ජනනය කරයි. RFI යටතේ IMF විසින් සපයනු ලබන හදිසි මූල්‍ය ආධාර මෙම පීඩනවලට මුහුණ දීමට උපකාරී වනු ඇත.”
“ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික අර්බුදයකින් ගොඩ එමින් සිටින අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව EFF යටතේ ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ වැඩසටහන ඵල දරමින් සිටින විට මෙම සුළි කුණාටුව ඇති විය. ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අඛණ්ඩව අනුගත වීම ශක්තිමත් ආර්ථික ප්‍රකෘතියක්, මිල ස්ථාවරත්වයක්, සැලකිය යුතු ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාබද්ධතාවයක් සහ විදේශ විනිමය සංචිත නැවත ගොඩනැගීමේ ප්‍රගතියට හේතු වී තිබේ. කෙසේ වෙතත්, ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර දළ දේශීය නිෂ්පාදිතය අර්බුදයට පෙර මට්ටමට යථා තත්ත්වයට පත් වී නොමැත. බලධාරීන් සහ IMF කණ්ඩායම සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන අතර හැකි ඉක්මනින් සාකච්ඡා නැවත ආරම්භ කරනු ඇත. මෙම දුෂ්කර කාලය තුළ IMF ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අඛණ්ඩව සහාය වනු ඇත.”
