ඉන්දියා ශ්‍රී ලංකා පදනම ව්‍යාපෘති යෝජනා කැඳවයි

Date:

ඉන්දියා – ශ්‍රී ලංකා පදනම (ISLF) ආර්ථික, විද්‍යා සහ තාක්ෂණික සහ සංස්කෘතික සහයෝගීතාවය ඉහළ නැංවීම තුළින් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම සඳහා සහ දෙරට ජනතාව අතර අවබෝධය ඉහළ නැංවීම සඳහා 1998 වසරේදී ඉන්දියානු සහ ශ්‍රී ලංකා රජයන් අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් මගින් පිහිටුවන ලදී.

ඉන්දියා – ශ්‍රී ලංකා පදනම කලාව සහ සංස්කෘතිය, අධ්‍යාපනය, කෘෂිකර්මය, පර්යේෂණ, විද්‍යා සහ තාක්ෂණය, සෞඛ්‍යය, සාමාජීය කාර්යයන්, සංවර්ධන අධ්‍යයන සහ සංචාරක යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘති යෝජනා සඳහා ආරාධනා කරයි.

මෙම ක්ෂේත්‍රයන් යටතේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනයන්හි පර්යේෂණ ව්‍යාපෘතීන් සහ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පිළිගත් අධ්‍යාපන ආයතනයන්හි වෙනත් අධ්‍යාපන කටයුතු, ශිෂ්‍යයන්, විද්වතුන්, ශාස්ත්‍රඥයින්, කලාකරුවන් සහ වෘත්තිකයන් සම්බන්ධ සංචාර සහ හුවමාරු, සම්මන්ත්‍රණ/වැඩමුළු, කලා ප්‍රදර්ශන, සිනමා උලෙළ, සංස්කෘතික වැඩසටහන් සහ පුහුණු වැඩමුළු යනාදිය සඳහා සහභාගී වීම, ඉහත දක්වා ඇති අංශයන් හි ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ පර්යේෂණ පළ කිරීම සහ ඉන්දියානු භාෂාවන්ගෙන් ලියැවුණු පොත පත ශ්‍රී ලංකා භාෂාවන්ට සහ ශ්‍රී ලංකා භාෂාවන්ගෙන් ලියැවුණු පොතපත ඉන්දියානු භාෂාවන්ට පරිවර්තනය කිරීම සහ පළ කිරීම ආදි දේ සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ හැකිය.

තනි පුද්ගලයන්ට, ආයතනයන්ට සහ කණ්ඩායම්වලට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ හැකි අතර ඒවා 2023 මාර්තු මාසයේ පැවැත්වෙන ISLF අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී සලකා බැලෙනු ඇත.

මේ සඳහා වන අයදුම්පත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියෙන් (www.hcicolombo.gov.in) බාගත හැකිය. නියමිත පරිදි සම්පූර්ණ කරන අයදුම්පත ව්‍යාපෘති යෝජනාව සමඟ 2023 ජනවාරි 26 වන දිනට පෙර පහත දැක්වෙන ලිපිනයට එවිය යුතුය. අයදුම්පත් සහ යෝජනා පහත දැක්වෙන ඊ- මේල් ලිපිනයට ද එවිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...