ඉන්දියාවේදී ISIS සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ISIS සංවිධානයට සම්බන්ධ බවට පැවසෙන , ත්‍රස්තවාදී ක්‍රියා කිහිපයකට සූදානම් වෙමින් සිටි පුද්ගලයින් 08 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ, එරට ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් ස්ථාන 19ක සිදුකළ වැටලීම් වලදී මොවුන්ව අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි.

මෙම වැටලීම්වලදී හමුවූ පුපුරණ ද්‍රව්‍ය තැනීමට යොදාගන්නා ගෙන්දගම්, පොටෑසියම් නයිට්‍රේට්, අඟුරු, සීනි, එතනෝල් වැනි ද්‍රව්‍ය මෙන්ම තියුණු ආයුධ, මුදල්, ලිපිලේඛන, ස්මාර්ට්ෆෝන් ඇතුළු ඩිජිටල් උපකරණද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

තවද, ඉන්දීය රුපියල් ලක්ෂ 7.3 ක මුදල් ද අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් ISIS නියෝජිතයින් අට දෙනා ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදය සම්බන්ධ ක්‍රියා සහ තහනම් සංවිධානයක් වන ISIS හි ක්‍රියාකාරකම් සක්‍රීයව ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ වූහ. ඔවුන් මිනාස්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ බව විමර්ශන ඒජන්සිය වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...