ගෙවී යන වසරේ සංචාරක පැමිණීම සුබයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 වසර නිමවීමට ඇත්තේ තවත් දින කීපයක් පමණයි. ඒ අනුව ගෙවී යන වසරේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සදහන් කරන්නේ, 2023 දෙසැම්බර් මාසයේ මුල් දින 17 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය 100,750 ක් බවත්, වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,377,701 ක් බවයි.

දෙසැම්බර් මාසය තුළ දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රටවල් අතර ඉන්දියාව (20,597), රුසියාව (14,156) සහ එක්සත් රාජධානිය (10,281) ඉදිරියෙන්ම සිටින අතර, දෙසැම්බරයේ මුල් දින 17 තුළ, දින දෙකක් හැරෙන්නට සෙසු සෑම දිනයක දීම, දෛනිකව 5,000 ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබීමද විශේෂ සිදුවීමකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...