පාසල් අතර පවතින පරතරය නැති කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ (LNW):

උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික අධ්‍යාපන කොමිසම, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡාවන් පැවැත්වුණි.

එහිදී ,අග්‍රාමාත්‍යවරිය පැවසූවේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් ජනතාව ඉල්ලා සිටින බවත්, පාසල් අතර පවතින පරතරය නැති කළ යුතු අතර පෞද්ගලික උපාධි ආයතන නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවත්ය.

මෙහිදී පාසල් අතර පරතරය නැතිකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය රැකියාවකට එහා ගිය ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙසද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර, කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග සිදු වූ අධ්‍යාපන විප්ලවයට එහා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍ය බවත්, එය ඉටු කිරීමට වත්මන් රජය බැදී සිටින බවත් අග්‍රාමාත්‍යවරිය පැවසීය.

ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සියළු ක්ෂේත්‍ර ආවරණය වන නවීන තාක්ෂණික ලෝකයට ගැළපෙන අනාගත පරපුරක අවශ්‍යතාව මෙහිදී ඉස්මතු කළාය. වංචනික උපාධි ආයතන වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමත්, ඒ සඳහා වන නෛතික රාමුව සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයන් හි ගුණාත්මකභාවය පිළිබඳවද මෙහිදී සිය අවධානය යොමු කර තිබෙන බවත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...