ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අදාළ නඩුවේ තීන්දුවට දින දෙයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ (LNW):

මෙරට, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා ඇතුළු තුන් දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි මස 15 වනදා ප්‍රකාශයට පත් කරන බවට කොළඹ මහාධිකරණය නිවේදනය කළ බව වාර්තා වේ. ඒ එම තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීම සඳහා සූදානම් කර  නොමැති වීම හේතුවෙන් බව පැවසේ.

වෙලේසුදා මේ වන විට මරණීය දණ්ඩනය නියම වී ඇත්තේ, හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් රුපියල්  කෝටි 17කට අධික වත්කම් දේපළ අත්පත් කරගැනීමේ චෝදනාවටයි.

රුපියල් කෝටි 17 කට අධික මුදලක් වැය කර  රාජගිරිය, දෙහිවල හා මාදිවල ප්‍රදේශවල වත්කම් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට වෙලේසුදා, ඔහුගේ බිරිඳ හා ඥාති සහෝදරියකට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...