චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ 25වැනි සංවත්සරය චීන ජනපති ප්‍රධානත්වයෙන්!

Date:

කොළඹ LNW:මැකව් විශේෂ පරිපාලන කලාපය යළි චීනයට එක්වීමේ 25වැනි සංවත්සරයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද(20) පැවැත්වුණා. එම සංවත්සරය සැමරී‍මේ සම්මේලනයට සමගාමීව මැකව් විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිවුරුම් දීම ද සිදු වුණා.

මැකව් යළි චීනයට පැමිණීමෙන් පසු ගත වූ වසර 25 තුළ චීන මධ්‍යම රජය සහ අභ්‍යන්තර ප්‍රදේශය අතර ශක්තිමත් සහයෝගය යටතේ විශේෂ ලක්ෂණ සහිතව‘එක් රටක් ක්‍රම දෙකක්’යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි විශාල ජයග්‍රහණයක් ලබා තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියා.

වර්තමානයේ මැකව් හි විශාල විපර්යාසයක් සිදු වී ඇති අතර එහි ජාත්‍යන්තර බලපෑම විශාල වශයෙන් වර්ධනය වී තිබෙනවා. එසේම එහි ආර්ථික හා සමාජ සංවර්ධන‍යේ ඓතිහාසික ප්‍රගමනයක් ද දැක ගත හැකි වනවා. ආර්ථික සංවර්ධනය සහ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් විවිධාංගීකරණ කර්මාන්ත සංවර්ධනය කොට දිගුකාලීන හා ස්ථාවර සංවර්ධන ප්‍රවණතාවක් පවත්වාගැනීම සඳහා මැකව් අඛණ්ඩව කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළා.

“එක් රටක්, ක්‍රම දෙකක්” යන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්, නිවැරදි හා ස්ථීර ලෙස ක්‍රියාත්මක කොට, විශේෂ පරිපාලන කලාපයේ රජයේ හා සමාජයේ සමස්ත අංශවල ඒකාබද්ධ ප්‍රයත්නයෙන් මෙන්ම මව්රටේ ශක්තිමත් සහාය ඇතිව, මැකව් කලාපයට නිසැකවම නව දීප්තිමත් අනාගතයක් නිර්මාණය කළ හැකි යැයි තමා විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...