රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

Date:

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18) රාත්‍රියේදී කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සමගි ජන බලවේගයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙකු හමුවී ඇති බව ආරංචිමාර්ග පවසයි.

කොළඹ එක්තරා සුපිරි නිවාස සංකීර්ණයකදී මෙම හමුව පැවැත්වී ඇති අතර වරුණ රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන සජබ ආසන සංවිධායකවරුන් දෙදෙනා ද ඊට එක්ව ඇති බව සඳහන්.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පැවති හමුව සම්බන්ධයෙන් සජබෙන් දිගින් දිගටම කෙරෙන ප්‍රශ්නකිරීම් පිළිබඳ ඔවුන්ගෙන් විමසා ඇති අතර තමන්ගෙන් ඒ සම්බන්ධයෙන් විය යුත්තේ කුමක්ද යන්නත් විමසා ඇත.

මේ අතර “සර් ඇත්තටමද නායකත්වයෙන් අයින් වෙන්න ලෑස්තියි කියලා කිව්වේ ?” යනුවෙන් චරිත් අබේසිංහ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා තිබේ.

ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ “මම අනිවාර්යයෙන්ම ඕනෙම මොහොතක මේ පක්ෂ දෙකේ සමගිය වෙනුවෙන් අයින් වෙන්න කැමතියි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පක්ෂ එකක්වත් Gen Z එකට හරියන නායකයින් හදලා නෑ. ඒ හින්දා ඒක සිද්ධ වෙනකල් කාටවත් දිනන්න බැරි තත්වයක් තියෙන්නේ. ඔයගොල්ලෝ ඒක වෙනුවෙන් වැඩ කරන්න” යනුවෙන් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...