සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

Date:

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ පැල්මයිරා නගරයේ දී ඇමරිකානු සොල්දාදුවන් දෙදෙනෙකු සහ පරිවර්තකයෙකු ඝාතනය කිරීමට පලිගැනීමක් වශයෙන් එක්සත් ජනපදය සිරියාවේ  ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද ප්‍රහාර හේතුවෙන් මියගිය හෝ තුවාල ලැබුවන් සම්බන්ධයෙන් විස්තර වාර්තා නොවන අතර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් එක් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, ISIS විසින් සිරියාවේ නිර්භීත ඇමරිකානු දේශප්‍රේමීන් දරුණු ලෙස ඝාතනය කිරීම හේතුවෙන් මිනීමරු ත්‍රස්තවාදීන්ට එක්සත් ජනපදය ඉතා බරපතල පළිගැනීමක් සිදු කරන බවයි.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මේ සමබන්ධයෙන් සඳහන් කර තිබුණේ, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දිගටම පවතින බවත්, ජනාධිපති ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ ඇමරිකා එක්සත් ජනපදය කිසි විටෙකත් අපගේ ජනතාව ආරක්ෂා කිරීමට කිසි විටෙකත් පසුබට නොවනු ඇති බවත්ය.

කලාපයේ ISIS ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා මේවන විට එක්සත් ජනපද හමුදා භටයන් 1000ක් පමණ ස්ථානගත කර ඇති අතර ISIS සංවිධානයට එරෙහි එක්සත් ජනපද නායකත්වයෙන් යුත් සටනට සිරියානු රජය සහයෝගය ලබා දේ, ISIS ත්‍රස්තවාදී ඉලක්ක වෙත සිරියාවේ ආරක්ෂක හමුදා සම්බන්ධ කර ගනිමින්, එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයක් ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් මෙහෙයුම් ගණනාවක්ද මේ වන විට සිදුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...