2026 දී BOI නව ගමනක!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW :

2026 වසරේදී, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින්, මෙරටට ඇමෙරිකා ඩොලර් බිලියන දෙකකට ආසන්න ආයෝජන ගෙන ඒමට සැලසුම් කර ඇති බව එම මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ, 2025 වසරේ දී ආයෝජන මණ්ඩලය ඇමෙරිකා ඩොලර් බිලියන එකක ආයෝජන ඉලක්කයක් ජයගෙන ඇති බවයි .

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ෂීල්ඩ් රෙස්ට්‍රෙයින්ට් සිස්ටම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

විදේශ ආයෝජන ක්ෂේත්‍රයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ආයතනය වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ සිය අති නවීන නිෂ්පාදන පහසුකම ආරම්භ කළ අතර, මෙම කර්මාන්ත ශාලාව තුළින් ළමා ආරක්ෂිත ආසන, ඉදිකිරීම් සහ කෘෂිකාර්මික උපකරණ ඇතුලු නවීන උපාංග රැසක් මෙහි නිෂ්පාදනය කෙරෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...