වෙඩිල්ල 2 – කවි කෝලම: පැලෝපීය නාල ම මිරිකන හැත්ත

0
796

කාපු තරම් බත්ගෙඩි සිංහල හාලේ
දීපු දිවිල්ලට පුක දනවද රාළේ
රීපු එවුන් කොයිබද මේ ගව ගාලේ
සාෆි ඇවිල්ලා යළි ඉස්පිරිතාලේ

හෙළුවෙන් වනපු හැටි දැක්ක ද නිලධාරී
නාථත් අනාථයි දැක්කම සෝමාරී
සියවස මොක වුණත් තාමත් වනචාරී
රජරට පච හැලිය පීචං ආචාරී

මව්වරු හයර් කර පෝලිම් කළා’වඳ’
මව්කිරි වැමෑරූ තැන්වල බෙහෙත් ගඳ
මව්මරා උපන් මල ඇටිකෙහෙල්මද
මව්බිම දස ඇතම හැලිලා වියත්මඳ

දිව මතුරක් වගෙයි ‘ජාතිය’ විකිණීම
‘දිවයින’ නේද ගිනි අවුළන්නේ මෙහෙම
කුලියට දරුණු විෂ කෙප්පම ඇදබෑම
ගරුකටයුතු නැද්ද දිව ඇදගෙන කෑම

කටේ බුදුරැස්ම විහිදන පජාතියෝ
වටේ ගිහින් දිගටම ගිනි තියාපියෝ
සිසේරියන් සර්ජරියක් කරාපියෝ
බඩේ ගොජ දමන දඩමස් හෙළාපියෝ

කොක්කු කිරි නාන තැන්වල අඟුරු උළව්
කක්කි වල් ඉහින තැන්වල සුවඳ බළව්
පිස්සු බලු රෑන යළි අඩ හඳට බුරව්
තම්බි අතුගාන තෙපි හෙළ යක්කු බොලව්

මරාලයකි රට විකුණන් කන හැත්ත
මරා බැරා ගෝරා සාටක රොත්ත
නරාවළක් කෙරුවයි රට මතු මත්ත
පැලෝපීය නාල ම මිරිකන හැත්ත

-කෞ ද බෝයි

පෙර කෝල​ම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here