පළමු ශ්‍රී ලංකා ශ්‍රමික කණ්ඩායම ඊශ්‍රායලයට ළගා වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):ළමු ශ්‍රී ලංකා ශ්‍රමික කණ්ඩායම, ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා පිටත්ව ගිය අතර, අද(20) උදෑසන ඊශ්‍රායලය වෙත ළගා වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කණ්ඩායමට සාමාජිකයන් 100ක් ඇතුළත් අතර පළමු කණ්ඩායමට අයත් සමස්ත පිරිස 150කි. ඉතිරි ශ්‍රමිකයන් 50 දෙනා ලබන 24වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඊශ්‍රායලය සමග ඇති කරගත් ගිවිසුම අනුව වසර 5යි මාස 3ක කාලයක් ඔවුන්ට එරට රැකියාවල නිරතවීමට අවසර හිමිවන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රි ලංකා රජය වෙනුවෙන් කාර්යාංශය විසින් පුද්ගලයින් යොමුකරන අතර, රැකියා ලාභීන් තෝරාගනු ලබන්නේ ලොතරැයි ක්‍රමවේදයට ඊශ්‍රායලයේ ෆීබා ආයතනය විසින් පමණක් බවයි.

එලෙස තෝරාගනු ලබන පුද්ගලයින්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදුකර ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් කරනු ලබන අතර රජයන් දෙක සමග පවත්නා අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා අවස්ථා හිමිවන බැවින් මෙම රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට වෙනත් කිසිඳු පුද්ගලයෙකුට අවසර ලබා දී නොමැති බව වගකීමෙන් දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...