මේ වසරේ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60ක් මිය ගිහින්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ (LNW):

2024 වසරේ මේ දක්වා ගතවූ කාලය තුල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස්, පුද්ගලයින් 44 දනෙකු තුවාල ලබා ඇත බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

2024 වසරේ ගතවූ කාලය තුළ වාර්තාවී ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 98 ක් වන අතර, ආසන්නතම සිදුවීම වාර්තා වුණේ, ගාල්ල දඩල්ල ප්‍රදේශයෙනි. ඒ, ගාල්ල දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් 34 හැවිරිදි ඔහුගේ බිරිඳ තුවාල ලැබුවේ ය. ඔවුන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර තිබුණි.මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පැවසේ.

පොලිසිය සඳහන් කළේ, එළැඹෙන උත්සව සමයේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 40,000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බවයි.  

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...