රෝහින්ග්‍යා සරණාගතයින් 100කට අධික පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුද්ධයෙන් විනාශ වූ මියන්මාරයේ සිට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් ළමුන් 25 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 102දෙනෙකු ධීවර යාත්‍රාවක ගසාගෙන යමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ඔවුන් ආරක්ෂිතව ත්‍රිකුණාමල වරාය වෙත රැගෙන විත් ඇති බව වාර්තා වේ.

මුස්ලිම්-බහුතර ජනවාර්ගික රෝහින්ග්‍යාවරු මියන්මාරයේ දැඩි ලෙස හිංසාවට ලක්වන අතර සෑම වසරකම දහස් ගණනක් දිගු මුහුදු ගමන්වලදී තම ජීවිත අවදානමට ලක් කරති. මිට පෙරද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 දෙසැම්බර් මාසයේදී වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවකින් විපතට පත් රොහින්ග්‍යා සරණාගතයින් 100 කට වැඩි පිරිසක් බේරා ගන්නා ලදී.

මියන්මාර හමුදාව 2021 කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය අල්ලා ගත් අතර එතැන් සිට ඇතිවූ සිවිල් යුද්ධය හේතුවෙන් මිලියන ගණනකට පලා යාමට සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...

මෙණ්ඩිස් අති විශේෂ කිරීමට කුසල්ට සහ කමිඳුට හැකි වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෑත කාලය ශ්‍රී ලංකා...