මෙරට විදුලිය නංවන්න ADB වෙතින් ඩො.මි.150ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ (LNW):

ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කළ ඩොලර් මිලියන 150 ක ණය මුදල සදහා ගිවිසුම් අත්සන් කිරීම 2024 දෙසැම්බර් මස 19 වෙනි දින සිදුකරනු ලැබූ බව දන්වමිනි.

මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම සදහා මූලික සාකච්ඡා සිදුකර තිබුණේ පසුගිය ඔක්තෝබර් මාසයේදී වේ.

මෙම ව්‍යාපෘති හරහා මෙරට විදුලි පද්ධතියේ ස්ථායිතාවය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් වේ.

ඉදිරියේදී රට තුළ ඉදිකිරීමට නියමිත විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යපෘති පද්ධතිය වෙත එක්කර ගැනීම සදහා අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘති ගණනාවක් ද මෙම ණය මුදල හරහා සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ වාර්තාවට අනුව ව්‍යාපෘති සාරාංශය –

නව ග්‍රිඩ් උප පොළවල් 6 ක් ඉදිකිරීම
87 km දිග ද. වො. 132 සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම
45 km දිග ද. වො. 220 සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම
දැනට පවතින ග්‍රිඩ් උප පොළවල් දෙකක ධාරිතාව වැඩි කිරීම

ලංකා විදුලිබල මණ්ඩලය හා එහි අනුබද්ධිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, මිලියන 7.5 ක් වු පාරිභෝගික සංඛ්‍යාවකට විදුලිය බෙදා හරියි.

බෙදාහැරීම් පද්ධතිය හා විදුලි බලාගාර සම්බන්ධ කරන ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ ජාලය කිමි 3400 ක් වු සම්ප්‍රේෂණ රැහැන් මාර්ග හා ග්‍රිඩ් උප පොළ 90 කින් සමන්විත බව සඳහන් වේ.