සටහන : සශිකලා මධුෂාණි
දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20) දිනයේදී ඇසෑම් ප්‍රාන්තයේ හෝජායි දිස්ත්‍රික්කයේ සිට දිල්ලිය බලා යමින් පැවති අධිවේගී දුම්රියක අලි රංචුවක් ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
දුම්රිය රියදුරු අලි රංචුව දැක හදිසි තිරිංග භාවිතා කර ඇති අතර දුම්රියේ මැදිරි පහක් පීලි පැන ඇත.
මියගිය අලි ඇතුන් පසුව පශු වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර භූමදාන කරන ලද අතර ඇසෑම් ප්‍රාන්තය ඉන්දියාවේ විශාලතම අලි ගහනයක් ඇති ප්‍රාන්තයක් වන අතර එහි සතුන් 6,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.