*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

මොකක්ද මේ DP Coding School කියන්නේ ?

DP Coding School, එහෙම නැත්නම් ඩීපී කෝඩින් පාසල කියන්නේ DP Education යටතේ ක්‍රියාත්මක වන නවතම වැඩසටහනක්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඔස්සේ අනාගත ලෝකයේ නිර්මාණය වන ලක්ෂ සංඛ්‍යාත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලාංකික පාසල් සිසුවියන්ටත් තරුණ තරුණියන්ටත් මඟ හෙළිකර දීමේ අරමුණින් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.

පරිගණක ක්ෂේත්‍රයට සම්බන්ධ අය හැරුණුකොට අනෙක් බොහෝ පිරිසකට එන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ කෝඩින් පාසලක් කියන්නේ කියන එක. ඉතින් අපි ඒක බොහෝම සරලව පැහැදිලි කරන්න හිතුවා.

මිනිස්සු – මිනිස්සු අතරේ සන්නිවේදනය කරගන්න භාෂා ගණනාවක්ම පාවිච්චි වෙනවා. ඒ වගේම සත්වයිනුත් තම තමන් අතර සන්නිවේදනය කරගන්න ක්‍රමවේද තියෙනවා. අපි සාමාන්‍යයෙන් පරිගණක භාවිතා කරනකොට, ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරනකොට ඉංග්‍රීසි, සිංහල, දෙමළ වගේ නොයෙකුත් භාෂා භාවිතා කරලා තොරතුරු ලබාගන්නවා. නමුත් පරිගණක හෝ ස්මාර්ට් ජංගම දුරකථන හෝ ඇතුළත භාවිතා වෙන්නෙ වෙනම භාෂාවක්. ඒ, පරිගණක භාෂාව. මෙන්න මේ පරිගණක භාෂාව පාවිච්චි කරලා පරිගණකයක් තුළින් අපට අවශ්‍ය දෙයක් හදාගන්න ක්‍රමයට තමයි කෝඩින් කියන්නේ.

අපි දන්න පරිගණක මෘදුකාංග, ස්මාර්ට් ජංගම දුරකථන ඇප්, පරිගණක ක්‍රීඩා වැනි දේවල් නිර්මාණය කෙරෙන්නේ මේ කෝඩින් භාවිතයෙන්. එහෙම කියද්දී ඔබට යම් වැටහීමක් එනවා ඇති දැනටත් කෝඩින් ආශ්‍රිත රැකියා අවස්ථා කොතරම් ප්‍රමාණයක් ලෝකයේ බිහිවෙලා ඇතිද කියලා …

අපි නිකමට අවුරුදු 20ක් අතීතය ගැන බැලුවොත්, ඒ කාලේ පරිගණක කියන ඒවා හැමතැනම දකින්න තිබුණේ නෑ. නමුත් අද වෙනකොට සෑම රජයේ හෝ පෞද්ගලික හෝ කාර්යාලයකම පාහේ පරිගණකයක් දෙකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එදා නොතිබුණු ස්මාර්ට් ජංගම දුරකථන අද ජනගහණයෙන් විශාල ප්‍රතිශතයක් එදිනෙදා පාවිච්චි කරනවා. ඉතින් අපි තව අවුරුදු 10ක් හෝ 20ක් අනාගතය ගැන හිතලා බැලුවොත් පරිගණක තාක්ෂණය කොතරම් මිනිස් ජීවිත එක්ක බද්ධ වෙලා තියේවිද කියන එක හිතාගන්නත් අමාරු තරම් නේද ?

අනෙක් අතට මේ වෙද්දීමත් කාර්මික අංශය විතරක් නෙවෙයි කෘෂිකාර්මික ක්ෂේත්‍රය, අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාව, ක්‍රීඩා ඇතුළු සෑම ක්ෂේත්‍රයකම පරිගණක වැඩසටහන් භාවිතා කෙරෙනවා. ඒ අනුව අනාගත ලෝකයේදී මේ කෝඩින් ආශ්‍රිත රැකියා මිලියන ගණනින් ලෝකයේ බිහිවෙන එක අනිවාර්යයයි.

ඒ වගේම දැනටමත් කෝඩින් ආශ්‍රිත රැකියා සඳහා ශ්‍රී ලංකාවේත් ඉහළ වැටුපක් ලබාගන්න පුළුවන්. කෙළින්ම ඇමරිකානු ඩොලර්වලින් ආදායම් ඉපයීමට හැකි රැකියා අවස්ථාවන් දැනටත් කෝඩින් ආශ්‍රිතව තියෙනවා. ලෝකයේ මේ වනවිට කෝඩින් ආශ්‍රිත රැකියාවල ලැබෙන ඉහළ වැටුප් ගැන තොරතුරු කිහිපයක් පහත වීඩියෝවෙන් ඔබට දැනගන්න පුළුවන්.

ලංකාවේදී අපි දකින ලොකුම ප්‍රශ්නයක් තමයි, අවුරුදු 13ක් පාසල් ගිහිල්ලා පාසල් අධ්‍යාපනය නිමකරන දරුවන් අතරින් බොහෝ දෙනෙකුට තමන් රැකියාවක් සඳහා යොමුවිය යුත්තේ මොන ක්ෂේත්‍රයටද කියලා ඉලක්කයක්, අවබෝධයක් නැතිකම. නමුත් ඔබේ දරුවාට, සහෝදරයාට හෝ සහෝදරියට පාසල් වයසේදීම කෝඩින් ක්ෂේත්‍රයට ඇතුළුවෙලා එහි මූලික දැනුමක්, අත්දැකීමක් ලබාගන්න අවස්ථාව ලැබුණොත් පාසලින් එළියට එද්දීම ඊළඟට කළයුතු දේ ගැන ඔවුන්ට පැහැදිලි දැක්මක් අනිවාර්යයෙන්ම තියේවි.

අන්න ඒ අවස්ථාව අපේ අනාගත පරපුරට ලබාදෙන්න තමයි ඩීපී කෝඩින් පාසල ක්‍රියාත්මක වෙන්නේ.

ඩීපී කෝඩින් පාසලට පළමු ශ්‍රේණියේ සිට ඕනෑම වයස් සීමාවක අයට සම්බන්ධ වෙන්න පුළුවන්. මීට විශේෂ ඉංග්‍රීසි දැනුමක් වුවමනා වෙන්නෙත් නැහැ, මොකද සිංහල භාෂාවෙන් තමයි ඉගැන්වීම් කෙරෙන්නේ. ඒ වගේම මේ වටිනා අධ්‍යාපනය ඔබට ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඔබට පරිගණකයක් තිබෙනවා නම් නිවසේ සිටම ඩීපී කෝඩින් පාසලට සම්බන්ධ වෙන්නත් පුළුවන්.

කුඩා දරුවන්ගේ සිට ඕනෑම කෙනෙකුට ඉතාම පහසුවෙන් ග්‍රහණය කරගැනීමට හැකිවන විදියට ඉතාම සරල සහ ආකර්ෂණීය ආකාරයෙන් මෙහි ක්‍රියාකාරකම් සකස් කරලාත් තියෙනවා. ඊට අමතරව ඩීපී කෝඩින් පාසලේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරන අදියර ගණන් අනුව සහතික පත් පිරිනැමීමකුත් සිදුකෙරෙනවා.

ඒ පිළිබඳ වැඩි විස්තරයක් මීළඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.

මේ වටිනා අවස්ථාව පැහැර නොහැර ඔබත් අදම https://dpcode.lk/dashboard යොමුවෙන් ඩීපී කෝඩින් පාසලට ඇතුළුවෙලා ඒ අත්දැකීම විඳගන්න. ඔබේ දරුදැරියන්ට, සොයුරු සොයුරු සොයුරියන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ මෘදුකාංග ඉංජිනේරුවන් දක්වා විවිධ තලවල රැකියා අවස්ථා ලක්ෂ ගණනක් සඳහා යොමුවීමට මූලික පියවර තැබීමට උනන්දු කරවන්න.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan