*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ඡන්දය දෙනවානම් එම පක්ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් ගැන දෙවරක් හිතන්න – මහින්ද

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ රාජ්‍ය සේවයේ වැදගත්ම අංශ නියෝජනය කරන වෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තීය සමිති 40ක් පමණ මාස ගණනාවක සිට ආදායම් බදු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරතව සිටින අතර ඉහළ බදු බර හේතුවෙන් උගත් වෘත්තිකයන් සහ ඉහළ පුහුණුව ලත් වෙනත් ශ්‍රේණින් රට හැර යෑමට පෙළඹීම නිසා තවත් අර්බුදයක් නිර්මාණය වී ඇති බව මහින්ද අරජපක්ෂ මහතා පෙන්වා දෙයි.

තවද, බදු අඩු කළ යුතුය යන ඉල්ලීම ඉතාමත්ම ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටී.

ඔහු පෙන්වා දෙනනේ 2024 අයවැයෙන් වැට් බද්ද වැඩි කිරීම නිසා 2024 වර්ෂයේදී බදු ප්‍රතිපත්තිය රටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් වීමට නියමිත බවයි.

බදු අඩු කළ යුතුය යන ඉල්ලීම ඉතාමත්ම ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක්වන අතර බදු බර අඩු වූ විට, පුද්ගලයන්ට මෙන්ම සමාගම් වලට ද වියදම් කිරීමට සහ ආයෝජනය කිරීමට ඇති මුදල් ප්‍රමාණය වැඩිවන බවයි ඔහු තව දුරටත් පෙන්වා දෙන්නේ.

2006 සිට 2014 දක්වා කාලය තුළ මේ රට අත්විඳින ලද නව වසරක අඛණ්ඩ ආර්ථික වර්ධනය සාක්ෂාත් කරගැනීමට එම ප්‍රතිපත්තිය විශාල ලෙස දායක වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.

ජනතාවට ඔරොත්තු දෙන මට්ටමක බදු බර පවත්වාගෙන යෑම සඳහා 2006-2014 කාලය තුළ රජය වසරක් පාසා රජයේ බදු ආදායම වැඩි කරනු ලැබුවේ වසරකට රු. බිලියන 100ක් වැනි අගයකින් බවද සඳහන් කර ඇති අතර, ජනතාව මත පටවන බදු බර අඩු මට්ටමක පවත්වාගන්නා අතරතුර, එම ප්‍රතිපත්තියේ තිරසාර භාවය සහතික කිරීම සඳහා, 2005 අවසානයේ 90% ක් වූ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සුපරීක්ෂාකාරී ආර්ථික කළමනාකරණය තුළින් 2014 අවසානය වන විට 69% දක්වා අඩු කිරීමට කටයුතු කළ බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් පසුගිය වසර ගණනාව මුලුල්ලේ, රාජපක්ෂ නාමය සමග යන්තම් හෝ ගෑවී තිබුණ සෑම දෙයකටම කිසිදු වග විභාගයකින් හෝ කරුණු සොයා බැලීමකින් තොර විරෝධයක් ගොඩ නැගීම අරමුණු කරගත් ඉතා මැනවින් සංවිධානය කරණු ලැබූ ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ අතර අඩුවෙන් බදු අය කිරීමේ ආර්ථික ප්‍රතිපත්තියත් එම රාජපක්ෂ විරෝධී ප්‍රචාරයේ ගොදුරක් බවට පත් වූ බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

2015 දී ලැබූ පරාජයෙන් පසු, අඩු බදු ප්‍රතිපත්තියක් වෙනුවට ඉහළ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2015 න් පසු වසරක් පාසා අඩු වී, 2019 වන විට ඍණ 0.2 දක්වා පහත වැටී තිබෙන බවද පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ හේතු නිසා අනාගතයේ දී සෑම ඡන්දදායකයෙකුම තමන් ඡන්දය දෙන පක්ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan