සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මෙරට පවුල් 1’410’064 ක් සඳහා දෙසැම්බර් මාසයට අදාල රු.මි. 8’793 ක “අස්වැසුම” ගෙවීම් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටී.
ඒ මහතා තව දුරටත් පවසන්නේ, ඉහත පවුල් සංබ්‍යාවට අදාළ ජුලි සිට දෙසැම්බර් දක්වා ගෙවීමි රු.මි. 51’967 ක මුදලක් රජය ගෙවා ඇති බවයි.
වැඩිදුරටත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අන්ත දිළිඳු පවුල් 303’199, දිළිදු පවුල් 606’496, අවදානමට ලක් වු පවුල් 290’624 හා සංක්‍රාන්තික පවුල් 209’745 ක් සදහා අස්වැසුම ප්රතිලාභ ගෙවීම සිදුකර ඇති බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇